
භානුක අමරසිංහ
ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීමක් සිදු වුණු බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඊයේ (27) මුදල් අමාත්‍යාංශයේදී සිදු වූ මෙම ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවේදී, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුම් වලට අත්සන් කිරීම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් සිදු කර තිබේ.
එසේම එම ගිවිසුම් හුවමාරු කරගැනීම ආචාර්ය සූරියප්පෙරුම මහතා සහ ඕස්ට්‍රේලියානු රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් තනතුරෙහි දිවුරුම් දීමට නියමිත, මැතිව් ඩක්වර්ත් මහතා අතර සිදුව තිබේ.
මෙතෙක් පැවැත් වූ ඵලදායී ද්විපාර්ශ්වික සාකච්ඡා හරහා, ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ණය සහන ලබා දීමට එකඟ වී ඇතැයිද අමාත්‍යාංශය පවසයි. එසේම මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තුගත ණය ප්‍රමාණය ආසන්න වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 39 ක් පමණ වන බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව - ඔස්ට්‍රේලියාව අතර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමට අත්සන්