මෙරට ඇඟලුම් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදනවලට ඇමරිකානු වෙළෙඳපොළේ දී දැඩි තරගකාරීත්වයක් SVAT පහසුකම අහෝසි කර අපනයනකරුවන්ට සියයට 18ක වැට් බද්දක් ගෙවීමටත්, බදු ප්‍රතිපූර්ණය සඳහා ගතවන කාලය වසරක් දක්වා දිවයෑමත් හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයන්ගේ දෛනික මුදල් කළමනාකරණයට අහිතකර බලපෑම් ලොව විශාලතම රබර් අපනයනකරුවන් වන ඉන්දුනීසියාව, වියට්නාමය සහ මැලේසියාව වැනි රටවලට ශ්‍රී ලංකාවට සාපේක්ෂව පහළ බදු ප්‍රතිශතයක් හිමි වීම මෙරට රබර් අපනයනයට අහිතකර බලපෑම් ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනය විසින් අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලබන අන්‍යන්‍ය බදු හේතුවෙන් ඇමරිකා ඒකසත් ජනපදය වෙත සිදු කරන මෙරට අපනයනයන් මුහුණ දෙන අභියෝග පිළිබඳව සංකථනයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේදී පැවැත්විණ.
මේ සඳහා දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න, එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්‌යේෂිකා ආචාර්ය ඉන්දිකා බුලන්කුලම, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නියෝජ්‍ය සභාපති සහ ඔමේගා ලයින් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ප්‍රනාන්දු සහ ලංකා වැවිලි කරුවන්ගේ සංගමයේ නියෝජිත සහ අගලවත්ත වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මනෝජ් උඩුගම්පොල සහ MAS හි ඒරන්ති ප්‍රේමරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
ඇමරිකා එක්සත් ජනපදය විසින් පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු අවස්ථා දෙකකදී වෙනස් කළ අතර අවසන් වරට සිදු වූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වූ බදු ප්‍රතිශතය සියයට 20ක් විය. ශ්‍රී ලංකාවේ අපනයන කාණ්ඩයන් අතුරින් ඇඟලුම් සහ රබර් නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ සිටින විශාලතම ගැනුම්කරුවා ඇමරිකා ඒක්සත් ජනපදය වන අතර මෙම කාණ්ඩයන්ට අදාළව වියට්නාමය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ පිලිපීනය යන රටවලට හිමි වූ බදු ප්‍රතිශතය සියයට 18ක් සහ සියයට 19ක් විය. මේ අනුව මෙරට ඇඟලුම් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඇමරිකානු වෙළෙඳපොළේ දී දැඩි තරගකාරීත්වයකට මුහුණ දීමට මෙරට අපනයනකරුවන්ට සිදු වන බව මෙම සංකථනයේදී පැවසිණ.
මෙහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ උපසභාපති සහ ඔමේගා ලයින් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඇඟලුම් සඳහා වන ඇමරිකානු වෙළෙඳපොළ විශාල ගැනුම්කරුවන්ගේ වෙළෙඳපොළක් වන බැවින් බදු ප්‍රතිශතයන් ගේ සුළු වෙනස්කමක් පවා පාරිභෝගික මිලදී ගැනීම් සඳහා සෘජු බලපෑමක් ඒල්ල කරන බවයි. මෙහිදී ගැනුම්කරු විසින් මෙම තීරුබදු ප්‍රතිශතය නිෂ්පාදකයාට දැරීමට වුවෙහාත්, බංග්ලාදේශය වැනි රටවල් වල නිෂ්පාදන පිරිවැය ශ්‍රී ලංකාවට සපේක්ෂව අඩු බැවින් මෙවැනි තත්වයක වාසිය බංග්ලාදේශයට යෑම වැළැක්විය නොහැකි බවයි. තවද SVAT පහසුකම අහෝසි කිරීමෙන් අනතුරුව අපනයනකරුවන් වෙත සියයට 18ක වැට් බද්දක් ගෙවීමටත්, බදු බදු ප්‍රතිපූර්ණය සඳහා ගතවන කාලය වසරක් දක්වා දිවයෑම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයන්ගේ දෛනික මුදල් කළමනාකරණයට මෙය අහිතකර ලෙස බලපානු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වු ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සාමාජික සහ අගලවත්ත වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මනෝජ් උඩුගම්පොල මහතා පැවසුවේ ලොව විශාලතම රබර් අපනයනකරුවන් වන ඉන්දුනීසියාව, වියට්නාමය සහ මැලේසියාව වැනි රටවලට ශ්‍රී ලංකාවට සාපේක්ෂව පහළ බදු ප්‍රතිශතයක් හිමි වීම මෙරට රබර් අපනයනයට අහිතකර ලෙස බලපාන බවයි. මෙම බලපෑම කර්මාන්තයේ නියුතු සියලු පාර්ශවවලට අහිතකර ලෙස බලපාන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙරට රබර් කර්මාන්තය දැනට පවතින තත්වය අනුව අභියෝග රැසකට මුහුණ දී සිටින බව ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම ලාබදායීත්වය අඩු වීම නිසා නිෂ්පාදකයන් රබර් වගාවෙන් ඉවත් වීම, දිගු කාලයක් තිස්සේ පවතින පත්‍ර කහපැහැ වීමේ රෝගයට නිසි ප්‍රතිකර්මයක් නොමැති වීම සහ රබර් වතු වල යළි වගා කිරීම් සිදු නොවීම හේතුවෙන් පසුගිය වසර 10 තුළ ලෝක වෙළෙඳපොළට යැවූ මෙරට රබර් අපනයන ධාරිතාව සියයට 45කින් පමණ අඩුවී ඇති බව ඔහු පැවසීය. පසුගිය වසරේ දී රබර් අපනයනයෙන් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 900කට ආසන්න ආදායමක් ඉපැයූ අතර ලෝක වෙළෙඳපොළේ රබර් සැපයුම්කරුවන් 11 දෙනා අතර ලංකාවට හිමිවන්නේ 10 වැනි ස්ථානයයි.
මෙම සංකථනයට එක්වෙමින් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැවසුවේ සාර්ව ආර්ථික කළමනාකරණය සහ අපනයනාභිමුඛ ආර්ථිකයක් පවත්වාගෙන යෑම ශ්‍රී ලංකාව වැනි කුඩා වෙළෙඳපොළක් සහිත රටක් නිසැක වශයෙන්ම සිදු කළ යුතු බවත් මේ සඳහා ගෝලීය වෙළෙඳපොළ තරගකාරීත්වයට මුහුණ දීමට අවශ්‍ය සහාය රජය විසින් අපනයනකරුවන්ට ලබා දිය යුතු බවත්ය. නිදසුනක් ලෙස වැට් බදු ප්‍රතිපූර්ණය සඳහා විශාල කාලයක් ගැනීම තුළ අපනයනකරුවන්ට තමන්ගේ මුදල් ප්‍රවාහය වෙත අනිසි පීඩනයක් ඇති වෙන බැවින් ඇමරිකානු වෙළෙඳපොළේ ඇතිව තිබෙන තත්වය සලකා මේ සඳහා කඩිනම් පියවර රජය විසින් ගෙන ආ යුතු බවයි. වැඩිදුරටත් ඔහු සඳහන් කළේ එක් වෙළෙඳපොළක් මත පමණක් රඳා පවැතීම දුර්විපාක ගණනාවකට මුහුණ දීමට සිදුවන තත්වයක් බැවින් නොපමාව නව වෙළෙඳපොළවල් සොයා ගැනීමට මෙරට ඇඟලුම් සහ වැවිලි අංශය මෙන්ම රජයද ඉතා ඉක්මනින් කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. තවදුරටත් ඇමරිකානු එක්සත් ජනපදය සමග සාකච්ඡා කිරීමත්, ද්විපාර්ෂ්වික සහ බහු පාර්ශ්වික ගිවිසුම් වෙත යොමු වීම නොපමාව සිදු විය යුතු බව ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ අභියෝග සාකච්ඡා කෙරේ