IMG-LOGO

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා


ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ විද්වත් කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය ප‍්‍රතිව්‍යුහගත කිරීම, ආයතනික ප‍්‍රතිව්‍යුහගත කිරීම, ඵලදායී ක‍්‍රමෝපායික සැලසුමක් හා ව්‍යාපාර මෙහෙයුම් ආකෘතියක් සම්පාදනය කිරීම, මානව සම්පත් ප‍්‍රතිව්‍යුහගත කිරීම, ස්වාධීන ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියක් සහතික කරවීම, සන්නාම ප‍්‍රවර්ධනය හා ක‍්‍රියාවන් උපයෝජනය කිරීම  ආදිය කඩිනමින් ක‍්‍රියාත්මක කිරීම සඳහා මෙම අනුමැතිය හිමිවී තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් මෙම විද්වත් කමිටුව පත්කරනු ලැබ තිබිණි.

කමිටුව විසින් යෝජිත නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.



අදහස් (0)

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site