IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත සමග Maersk Line නැව් සේවා ගිවිසුම්ගත වේ

සමුද්‍රීය කලාපීයේ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය Maersk Line නැව් සමාගම සමගින් ගිවිසුම් අත්සන් කළේය. 

මෙම ගිවිසුමෙන් මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කර ගැනීම ව්‍යාපාර සංවර්ධනය අපේක්ෂිතය. තවද, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වරාය ක්‍රියාකරු ලෙසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ගෝලීය නැව් ප්‍රමුඛයා ලෙසින් Maersk Line අතර මනා සබඳතාවක් මේ තුළින් අපේක්ෂා කෙරේ. මෙම හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකාවේ වරාය සතු පිහිටීමේ උපායමාර්ගික ශක්‍යතාව ඉවහල් කරගනිමින් නැගෙනහිර බටහිර ප්‍රධාන නැව් මාර්ගවල නාවික ගමනාගමනය Maersk Line විසින් ප්‍රශස්ත ලෙස යොදා ගැනීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ගිවිසුමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පවත්වාගෙන යනු ලබන බහලු‍ මෙහෙයුම් සේවාවල ගුණාත්මක භාවයෙන් සහ මෙහෙයුම් ප්‍රමිති කෙරේ Maersk Line හි විශ්වසනීයත්වය සුරැකෙන අතර, දකුණු ආසියාවේ ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ (POC) තත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇත. මෙම ගිවිසුමෙන් වැඩි සේවා විශ්වාසනීයත්වයක් සහතික කිරීම පමණක් නොව ඉදිරියේදී ආරම්භ වීමට නියමිත කොළඹ නැගෙනහිර බහලු‍ පර්යන්තය (CECT) සංවර්ධනය සමග දිගුකාලීන සංවර්ධන අපේක්ෂාවලට දායක වන බව දෙපාර්ශවයේම උසස් නිලධාරින්ගේ මතය වේ. නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූ විට එහි ධාරිතාව සහ කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ඇතැයිද, ඒ සඳහා Maersk Line ශක්තිමත් ලෙස දායක වනු ඇතැයි මෙම ගිවිසුම් අනුව අපේක්ෂිතය.

තවද කොළඹ වරායේ නැගෙනහිර බහලු‍ පර්යන්තය (CECT) කොළඹ ජාත්‍යන්තර බහලු‍ පර්යන්තය (CICT) කොළඹ බටහිර ජාත්‍යන්තර බහලු‍ පර්යන්තය අදියර 01 (CWIT - I) හි මෙහෙයුම් අවස්ථා පුළුල් කිරීම ද මේ තුළින් අපේක්ෂිත ය.

 



අදහස් (0)

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත සමග Maersk Line නැව් සේවා ගිවිසුම්ගත වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site