විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ පෝලන්ත විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලෝව් සිකෝර්ස්කි සහ මෙරට පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර හමුවක් පසුගියදා සංවිධානය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.
යුරෝපා සංගමයේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ නියෝජිත කජා කල්ලස් මහත්මිය වෙනුවෙන් එම හමුව සංවිධානය කළ බව ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
පෝලන්ත විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලෝව් සිකෝර්ස්කිගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් සහ ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට පෞද්ගලික සහ රාජ්‍ය අංශය නියෝජනය කරන නියෝජිත කණ්ඩායමක් හමුවට සහභාගී වූ බව ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය.
ඇඟලුම්, සංචාරක, තොරතුරු තාක්ෂණ, බලශක්ති, වරාය සහ සැපයුම් වැනි සබඳතා වර්ධනය කළ හැකි අංශ පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඇති වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි එහිදී සාකච්ඡාවට බඳුන්වූ බව ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන ගමනාන්තය වන අතර පසුගිය වසරේදී යුරෝ බිලියන 2.7 අපනයන ආදායමක් උපයා තිබිණි.
ශ්‍රී ලංකා- යුරෝපා සංගමය අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට සාකචිඡා