IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා-තායිලන්ත වෙළෙඳ ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට තායිලන්ත කැමැත්ත


විමුක්ති එස් රුද්‍රිගු


මෙරට තායිලන්ත තානාපති  “Paitoon Mahapannaporn” සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර පසුගියදා හමුවක් පවත්වා තිබේ. එහිදී දෙරට අතර ඇති ද්වී පාර්ශ්වික සහයෝගිතාව වර්ධනයට ඉදිරියේදී සිදු කිරීමට නියමිත කටයුතු පිළිබඳව සාකච්ඡා කර ඇත.

එහිදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට තායිලන්ත තානාපතිවරයා කැමැත්ත පළකර තිබේ. එමගින් දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි දෙපාර්ශ්වයේම මතය වී ඇත. සංස්කෘතික හුවමාරුව, සංචාරක ප්‍රවර්ධනය, වෙළඳ හවුල්කාරිත්වයන් සහ පාර්ලිමේන්තු සහයෝගීතාව වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීමට එම සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබේ.



අදහස් (0)

ශ්‍රී ලංකා-තායිලන්ත වෙළෙඳ ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට තායිලන්ත කැමැත්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site