
භානුක අමරසිංහ
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සි සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ඒ. එන්. හපුගල මහතා සහ රාග්වෙන්ද්‍ර මාධව් යන මහත්වරුන් පත් කරගත් බව එම සමාගම පවසයි.
පසුගිය නොවැම්බර් 13 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. මේ අතරින් හපුගල මහතා ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. මාධව් මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන ඇත.
හපුගල මහතා අද වනවිට මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා සතුව රාජ්‍ය අංශය තුළ වසර 30කට අධික කාලයකට වැඩි අත්දැකීම් සහිත බව පවසයි.
එසේම මාධව් මහතා ඉන්දියාවේ කළමනාකරණ උපදේශන සේවාවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා ඉන්දියාවේ UT Group Companies හි දකුණු ආසියානු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර, ඉන්දියාවේ Aircel (Telecom), සන් ඩිරෙක්ට් ටෙලිවිෂන්, රෙඩ් එෆ්එම් සහ SAFL (Radio) යන සමාගම් එම සමූහයට අයත්ය.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට නව අධ්‍යක්ෂවරු