විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකා - චීන වෙළෙඳ හා ආයෝජන සමුළුව කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී අද(30) පැවැත්වෙන අතර එහි ප්‍රධාන දේශනය චීන වෙළෙඳ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා විසින් සිදුකරනු ලැබීමට නියමිතය.
සමුළුවට සහභාගී වීම සඳහා චීන වෙළෙඳ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා ඇතුළු 115 දෙනකුගෙන් යුත් චීන දුත පිරිසක් පෙරේදා 28 ශ්‍රී ලංකාවට පැමිණියේය. එම දූත පිරිස චීනයේ විවිධ පළාත් නියෝජනය කරන සමාගම් 77 ක් නියෝජනය කරයි. වෙළෙඳ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර තිබෙන ද්වී පාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට විශාල තල්ලුවක් වනු ඇතැයි සැලකෙන අතර ඔහු මෙරට සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් මුණ ගැසීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම ඔස්සේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ශක්තිමත් කිරීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය පසුගියද අනුමැතිය ලබා දුන්නේය. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අවබෝධතා ගිවිසුම මෙම සතියේදී අත්සන් තැබීමට නියමිතය.
ශ්‍රී ලංකා - චීන වෙළෙඳ ආයෝජන සමුළුව අද කොළඹදී