IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල කාබනීකෘත බීම සහකරු එලිෆන්ට් හවුස්

දේශීය බීම නිෂ්පාදන සන්නාමයක් වන එලිෆන්ට් හවුස් සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) හි නිල කාබනීකෘත බීම  (Carbonated Beverage) සහකරු බවට පත්වීම පසුගියදා නිකුත් කළේය. 
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයන්ගේද සහභාගිත්වයෙන් කොළඹ ෂැංග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී පෑවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම නිවේදනය සිදුකරනු ලැබූ අතර, එය පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය ජනතාව තුළ ක්‍රීඩාවෙන් සහ රසවත් මතක රැසක් සනිටුහන් කිරීමට සමත් වූ ශ්‍රී ලාංකීය ක්‍රීඩාවක මෙන්ම බීම සන්නාම ද්විත්යක් එක්වීමේ සුවිශේෂ අවස්ථාවක් බවට පත්විය.
මේ හවුල්කාරීත්වය මත පදනම්ව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ශ්‍රී ලංකාව තුළ පැවැත් වෙන සියලු‍ම ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල නිල සහ එකම බීම අලෙවිකරු වීමේ අයිතිය ද එලිෆන්ට් හවුස් සමාගම විසින් අත්පත් කර ගන්නා ලදී. ඉදිරියේ දී, ක්‍රීඩාංගණයේ ප්‍රේක්ශකාගාරයෙහි, VIP කාමරවල පමණක් නොව, ක්‍රීඩක විවේකාගාර තුළ ද එලිෆන්ට් හවුස් බීම මගින් තරගයේ උද්වේගකර අවස්ථා රසවත් කරනු ඇත.
එලිෆන්ට් හවුස් සමාගම සහ ක්‍රිකට් ක්‍රීඩාව අතර ඇති බැඳීම අද ඊයේ ඇති වූවක් නොවේ. ඔවුන් විසින් මෙයට පෙර ද පාසල් මට්ටමේ තරගාවලීන් සංවිධානය කිරීමට සහ ග්‍රාමීය ක්‍රිකට් දියුණු කිරීම සඳහා විශාල මෙහෙයක් ඉටු කර ඇත. මෙම උපාය මාර්ගික සහයෝගිතාව හරහා දැන්වීම් පුවරු, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සහ තරග අතරතුරදීත් එලිෆන්ට් හවුස් සන්නාමය තව තවත් ජනතාව අතරට ගෙන යෑමට ඔවුන්ට අවස්ථාව උදාවනු ඇත. මෙයට අමතරව එලිෆන්ට් හවුස් ආයතනය විසින් රසික ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා ක්‍රීඩකයන්ද සහභාගි කරවා ගනිමින් ‍විවිධ වැඩසටහන් රැසක් ද සංවිධානය කරනු ඇත.



අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල කාබනීකෘත බීම සහකරු එලිෆන්ට් හවුස්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site