IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සියයට 32 ක වේගවත් වර්ධනයක් පවත්වා ගනී

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රුපියල් බිලියන 23.6 ක දළ වාරික ආදායම් අගයක් වාර්තා කරයි

2025 තුන්වැනි කාර්තව අවසානයේ දී සියයට 61 ක වර්ධනයක් සමග නව ව්‍යාපාරවලින් රුපියල් බිලියන 5.4 ක් 

හිමිකම් සහ කල්පිරීම සඳහා රුපියල් බිලියන 13.2 ක සුවිශේෂී ගෙවීමක්. 

මසකට රුපියල් බිලියන 1.5 ක සාමාන්‍යයක්


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) 2025 වසරේ තුන් වැනි කාර්තුව අවසානයේදී විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, රුපියල් බිලියන 23.6 ක ජීවිත රක්ෂණ වාරික ආදායමක් (GWP)වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 32 ක ශක්තිමත් වර්ධනයක් පිළිබිඹු කරයි. ශක්තිමත් ව්‍යාපාරික ගම්‍යතාවක් පෙන්නුම් කරමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රුපියල් බිලියන 5.4 ක නව ව්‍යාපාර ආදායමක් 2025 සැත්තැම්බර් මස 30 දිනට වාර්තා කිරීමට සමත් වූ අතර එය සියයට 61 ක සුවිශේෂී වර්ධනයකි. මෙම කාල සීමාව තුළ දී SLIC ලයිෆ් හි බදු පෙර ලාබය (PBT) සහ බදු පසු ලාබය (PAT)පිළිවෙළින් රුපියල් බිලියන 23.9 ක් සහ බිලියන 22 ක් ලෙස වාර්තාවූ අතර, එය සමාගමේ ශක්තිමත් මූල්‍ය කළමනාකරණය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය පිළිබිඹු කරයි.

පාරිභෝගිකයන් වෙත ලබා දුන් පොරොන්දු ඉටු කරමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2025 තුන්වන කාර්තුව අවසානයේ දී රුපියල් බිලියන 13.2 ක හිමිකම් සහ කල්පිරීම් ප්‍රතිලාභ ගෙවීම් ලබා දුන් අතර, මෙය පසුගිය වසරට වඩා සියයට 49 ක වැඩිවීමකි. මෙම ප්‍රතිඵල සමාගමේ මූල්‍ය ශක්තිය සහ එහි වගකීම් ඉටු කිරීම සඳහා ඇති කැපවීම් පෙන්නුම් කරයි. මෙරට දැවැන්තම සහ ශක්තිමත්ම රක්ෂකයා ලෙස තම ස්ථානය තවදුරටත් තහවුරු කරමින්, 2025 සැත්තැම්බර් මස 30 වැනි දින වන විට SLICLL සිය වත්කම් පදනම රුපියල් බිලියන 264 දක්වා පුළුල් කරගැනීමට සමත් වූ අතර, එහි ජීවිත අරමුදලද රුපියල් බිලියන 239 දක්වා වර්ධනය කර ගන්නා ලදී. 

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දැවැන්තම සහ ශක්තිමත්ම රාජ්‍ය රක්ෂකයා ලෙස රටේ ආර්ථික සංවර්ධන සඳහාවිශාල කාර්යභාරයක් ඉටු කරයි. මෙම කාලය තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රුපියල් බිලියන 0.9 ක බදු රජයට ගෙවා ඇති අතර රජයේ සුරැකුම්පත්වල රුපියල් බිලියන 115 ක ආයෝජන පවත්වා ගෙන ගොස් ඇත. රටේ ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය ට SLIC ලයිෆ් හි දායකත්වය මින් පිළිඹිමු වේ. 

එසේම, 2025 වසරේදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) රුපියල් බිලියන 1.5 ක ලාභාංශ ගෙවීමක් භාණ්ඩාගාරයටකර ඇති අතර එය පෙර වසරට වඩා සියයට 17 ක වැඩි ලාභාංශ ගෙවීමක් වේ. ඉතා උසස් ආයෝජන කළමනාකරණ උපාය මාර්ග සමග රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමීත්වය තහවුරු කරමින් ක්ෂේත්‍රයේ ප්‍රකාශිත වැඩිම ජිවිත රක්ෂණ බෝනස් මුදල ලෙසින් සිය වාර්තාව අභිබවා යමින් 2024 වසර සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය ජිවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රුපියල් බිලියන 12.5ක දැවැන්ත මුදලක් බෝනස් ප්‍රතිලාභ ලෙස ප්‍රකාශයට පත් කිරීමට සමත්වූ අතර පසුගිය දශක දෙක තුළ ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලද බෝනස් දීමනාවල මුළු වටිනාකම රුපියල් බිලියන 116.6 ඉක්මවා යයි. 

සිය දිගුකාලීන මුල්‍ය ස්ථාවරත්වය සඳහා A+(lka) ෆිච් ශ්‍රෙණිගත කිරීම ලබාගත් ශ්‍රී ලංකාවේ එකම ජීවිත රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වේ. මූල්‍යමය සාර්ථකත්වයට අමතරව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2025 වසරේ දී අඛණ්ඩව 8 වැනි වරටත් LMD විසින් ‘වඩාත්ම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය’ ලෙස නම් කරන ලද අතර වඩාත් අගනා ජීවිත රක්ෂණ සන්නාමය යන කාණ්ඩයෙහි මුල් තිදෙනා අතරට පත්වීමටත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්සමත් විය. 

පිළිගත් ජාත්‍යන්තර තත්ව සහතිකවලට අනුකුල වෙමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තොරතුරු ආරක්ෂණ කළමනාකරණය සඳහා ISO$IEC 27001 (2013, තත්ව කළමනාකරණය සඳහා ISO 9001 (2015 සහ Greenhouse Gas Verification සඳහා ISO 14064-1 (2018 හිමි කරගෙන ඇත.

රටේ අනාගතය දැයේ දූ දරුවන් බව හඳුනාගත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ඔවුන්ගේ හෙට දිනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කර ඇත. මේ වන විට ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම්’ ශිෂ්‍යත්ව වැඩසටහන්වලින් ශිෂ්‍යත්ව 2,200 කට අධික ගණනක් ප්‍රදානය කර ඇති අතර ‘පාසල් පිරියත සුරකිමු’ ව්‍යාපෘතියෙන් දරුවන්ට ප්‍රසන්න පාසල් පරිසරයක් ලබා දීම සඳහා අඩු වරප්‍රසාද සහිත පාසල්වලට යටිතල පහසුකම් ලබා දීමට කටයුතු කරන අතර, මෙම වැඩසටහන්වලින් මේ දක්වා පාසල් 3365ක් ප්‍රතිලාභ ලබා ඇත. 

එසේම, ලෝක ළමා දිනය සමරමින් මෙවරද අඛණ්ඩව සිව්වැනි වසරටත්, ශ්‍රී ලංකාවේ සියලුම රෝහල්වල ඔක්තෝබර් 1 වැනි දින උපත ලබන දරුවන්ගේ මවුපියන්ට රුපියල් මිලියනයක නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් පිරිනමන ලදී. මෙම සමාජ සත්කාර මෙහෙවර අගයමින් CMO Asia විසින් පසුගිය දින පවත්වන ලද Sri Lanka Leadership Awards හිදී Excellence in CSR සම්මානය ප්‍රදානය කරන ලදී.



අදහස් (0)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සියයට 32 ක වේගවත් වර්ධනයක් පවත්වා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site