IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේට

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල Agency Business Development Center-ABDC පසුගියදා විවෘත කිරීමත් සමග උතුරු මැද පළාතේ සිය ශාඛා ජාලය පුළුල් කළේය. 
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි ප්‍රධාන නිලධාරී - ව්‍යාපාර නාමලී ඒ සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- ජාතික විකුණුම් (ජීවිත) ජගත් වෙල්ගම සහකාර සාමාන්‍යාධිකාරී/කලාප ප්‍රධානී පි. සතියන් යන මහත්ම මහත්මීන් උතුරු මැද ප්‍රාදේශීක කළමනාකාරීත්වය, අරලගන්විල සහ දෙහිඅත්තකණ්ඩිය ශාඛා කළමනාකාරීත්වය, සම්භාවනීය ආරාධිතයන් සහ ඉහත ශාඛාවලට සම්බන්ධ පාරිභෝගිකයන් ද සහභාගී විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලවලින් පාරිභෝගිකයන්ට තව දුරටත් සමීපවෙමින් තම සේවා සැපයීමට අවස්ථාව සැලසෙන අතර, ඔවුන්ගේ සියලුම රක්ෂණ අවශ්‍යතා පහසුවෙන් සහ වේගවත්ව සපුරා දීමට කටයුතු කරයි.



අදහස් (0)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site