ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජීවිත රක්ෂකයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life), 2025 නොවැම්බර් 3 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එහි නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස නලින් සුබසිංහ මහතා පත් කර ඇත.
සුබසිංහ මහතා රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 21 කට වැඩි පළපුරුද්දක් ඇති අතර, මින් වසර 15ක් ම ජ්‍යෙෂ්ඨ කළමනාකරණ (C-Suite) තනතුරුවල සේවය කර ඇත. මෙම කාල වකවානුව තුළ ඔහු ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රවල කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකර ඇත. ඔහුගේ වෘත්තීය ජීවිතය 2004 දී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) හි ආරම්භ වූ අතර, එහිදී ඔහු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ආයුඝනක සහ අවදානම් කළමනාකරණ ලෙස සේවය කරන කළේය. ඹහු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධානී - ආයෝජන ලෙසද කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප්‍රධාන විධායක නිලධාරී නලින් සුබසිංහ