IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් NAFLIA සමුළුවේ දී ඇගයීමට ලක්වේ

 

යාපනය ශාඛා කළමනාකරු ඒ. සුපේසන් මහතා ජාතික මට්ටමේ සම්මානය සහ කණ්ඩායම් නායක  කිරිබත්ගොඩ ශාඛාවේ අමිල ප්‍රසාද් මහතා ජාතික මට්ටමේ සම්මානය ලබා ගනිමින්


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) විකුණුම් කණ්ඩායම ජීවිත රක්‍ෂණ උපදේශකයන් සඳහා වූ 16 වැනි ජාතික සමුළුවේ (NAFLIA) පැවති 2024 ජීවිත රක්‍ෂණ කර්මාන්ත විකුණුම් සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය. මෙම විශේෂ සම්මාන ප්‍රදානෝත්සවයේදී ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ විශිෂ්ට දස්කම් දැක්වූ ජිවිත රක්ෂණ උපදේශකවරුන්ගේ සුවිශේෂී ජයග්‍රහණ සමරනු ලැබීය.
හොඳම ශාඛා කළමනාකරු කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි යාපනය ශාඛා කළමනාකරු ඒ. සුපේසන් මහතා සහ කණ්ඩායම් නායක කාණ්ඩය යටතේ කිරිබත්ගොඩ ශාඛාවේ අමිල ප්‍රසාද් මහතා පිළිවෙළින් මහා පරිමාණ සමාගම් කාණ්ඩයේ සහ ජාතික මට්ටමේ රිදී සහ ලෝකඩ සම්මාන දිනා ගත්හ.



අදහස් (0)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් NAFLIA සමුළුවේ දී ඇගයීමට ලක්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site