IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත්‍රියේදී සම්මානය ලබයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන (SLIM) මගින් සංවිධානය කළ සම්මාන රාත්‍රියේදී ජාතික විකුණුම් සම්මානවලින් (SLIM National Sales Awards) පිදුම් ලැබීය. 
‘Territory Manager’ කාණ්ඩයේ රිදී සම්මානයෙන් එස්.ඒ. ජොෂුවා මහතා ^Cluster Manager ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - බැංකු රක්ෂණ) සම්මානයට පාත්‍ර වූ අතර එස්. ජේ. ප්‍රශාන්ති මහත්මිය ^Area Manager ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - බැංකු රක්ෂණ) ‘Sales Supervisor’ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. 
මෙම ඇගයීම් මගින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් බලකායේ කැපවීම සහ විශේෂඥ දැනුම ඉස්මතු වන අතර තරගකාරී වෙළෙඳපොළේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ආදර්ශවත් ආයතනයක් ලෙස තම කාර්ය සාධනය පිළිබඳව ද අවධාරණය කරයි. රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ නව්‍යකරණයන් සඳහා ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස ලයිෆ් හි කැපවීම පිළිබඳ මෙම සම්මාන සාක්‍ෂියක් වනු ඇත. 



අදහස් (0)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත්‍රියේදී සම්මානය ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site