ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමාගම සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමාගමල 2026 වසර සඳහා වූ සිය ව්‍යාපාර මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී ජනවාරි 01 වැනි දින සුබ මොහොතින් ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට SLIC හි සභාපති නුසිත් කුමාරතුංග මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ආයතනික කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහභාගී වූහ.
එහිදී ශාඛා මට්ටමින් ව්‍යාපාර ආරම්භ කිරීම් කටයුතු ක්‍රියාත්මක කරනු ලැබූ අතර, ශාඛාවල කාර්ය මණ්ඩල මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සජීවීව ප්‍රධාන කාර්යාලය හා එම කටයුතු සමගින් සම්බන්ධ විය. ඉදිරි වසර සඳහා සමගිය හා මිත්‍රශීලීභාවය සංකේතවත් කරමින්ල සියලු ආගමික වතාවත් කර ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව නව වසරේ වැඩසටහන ආරම්භ කළේය.
SLICGL හි ශාඛා 142ම සාම්ප්‍රදායික පොල්තෙල් පහන ආලෝකමත් කරමින් එකම පවුලක් ලෙස එක්ව 2026 නව අවුරුදු උදාව සනිටුහන් කළේය. නව අවුරුදු සැමරුම් උත්සවයට සමගාමීවල 2026 වසරේ SLICGL හි වෙළෙඳපොළට නායකත්වය දෙමින්, සෑම පියවරක්ම ශක්තිමත් කිරීම. යන තේමාව නිල වශයෙන් එළිදක්වන ලදී.
2025 වසරල SLICGL වෙත අර්ථවත් හා සාධනීය ජයග්‍රහණ රැසක් ගෙන ආවදල දිට්වා සුළි කුණාටු ව්‍යසනයන් හමුවේ ජාතිය මුහුණ දුන් බරපතළ අභියෝග සමග එම වසර අවසන් වියග සමාගම උද්ගත වූ වාතාවරණයට සරිලන සේ, SLICGL රක්ෂණ හිමිකම් සඳහා ගරුත්වයක් ලබා දෙමින්, අත්‍යවශ්‍ය සහන ලබා දුන් අතර, ව්‍යසනයෙන් පීඩාවට පත් ප්‍රජාවගේ සුරක්ෂිතභාවය සහතික කරන ලදී.
නව වසරේ ආරම්භය සනිටුහන් කරමින් SLIC හි සභාපති නුසිත් කුමාරතුංග මහතා මෙසේ පැවසීය. SLICGL වෙත සැබෑ විශිෂ්ටත්වය හිමි වන්නේ අපගේ ගනුදෙනුකරුවන් පිළිබඳ ගැඹුරු අවබෝධය සමග තාක්ෂණික දැනුම ඔවුන් සමග ඒකාබද්ධ කිරීමෙන් බව අපගේ විශ්වාසයයිග අපගේ මෙහෙවර සාර්ථක වන්නේ නිවැරදි රක්ෂණ සැලසුම් නිවැරදි පාරිභෝගිකයා වෙත පිරිනමමින්, සෑම විසඳුමක්ම ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් ඉටුවන බව සහතික කිරීමෙනිග අපගේ සේවා මට්ටම් අඛණ්ඩව වර්ධනය කරමින්ල විශ්වාසය ශක්තිමත් කරමින්, ගුණාත්මක වටිනාකමක් නිර්මාණය කරමින්, ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණකරු ලෙස අපි අපගේ ස්ථාවරය නැවත වරක් තහවුරු කර ඇත..
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් 2026 වසරේ ව්‍යාපාර මෙහෙයුම් සුබ මොහොතින් අරඹයි