රුපියල් බිලියන 30.3 ක දළ ලිඛිත රක්ෂණ වාරික (GWP) ආදායමක් ලබමින්, මූල්‍ය ශක්තිය තවදුරටත් තහවුරු කරයි
රුපියල් බිලියන 3.3 ක පූර්ව බදු ලාබයක් ලබමින්, මූල්‍ය ස්ථාවරත්වය පෙන්නුම් කරයි
රජයට රුපියල් බිලියන 5.7 ක බදු ගෙවලා
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General), 2025 වසරේදී සුවිශේෂී කාර්ය සාධනයක් පෙන්නුම් කරමින්, ප්‍රධාන මූල්‍ය ක්ෂේත්‍රවල ඉහළ ප්‍රතිඵල අත්කර ගෙන ඇත. තරගකාරී සහ අභියෝගාත්මක වාතාවරණයක් හමුවේ වූවද, තවදුරටත් ශක්තිමත්ව කටයුතු කරමින්, රුපියල් බිලියන 30.3 ක දළ ලිඛිත රක්ෂණ වාරික ආදායමක් පවත්වා ගනිමින්, තම ව්‍යාපාරික ශක්තිය පෙන්නුම් කිරීමට සමාගම සමත්ව තිබේ.
SLIC General හි නව රක්ෂණවල අගය 2024 වසරේ පැවති රුපියල් බිලියන 8.3 සිට රුපියල් බිලියන 12.5 දක්වා සියයට 51 කින් වර්ධනය වී ඇති අතර, ඒ මගින් ශක්තිමත් වෙළෙඳපොළ ඉල්ලුම, වර්ධනය වන පාරිභෝගික විශ්වාසය සහ සමාගම සතු බෙදා හැරීමේ ජාලයේ ව්‍යාප්තිය මනාව පිළිබිඹු කරයි. සමාගම විසින් රුපියල් බිලියන 12.3 ක මුදලක් රක්ෂණ හිමිකම් සහ ප්‍රතිලාභ වශයෙන් ගෙවා ඇති අතර, එය සියයට 17 ක වර්ධනයකි. මෙම සංඛ්‍යා දත්ත මගින් ‘දිත්වා‘ සුළි කුණාටුවේ බලපෑම හමුවේ රක්ෂණ ඔප්පු හිමියන් වෙත ස්ථාවරත්වය සහ විශ්වාසනීයත්වය ලබා දීමට SLIC General දක්වනු ලැබූ කැපවීම මෙන්ම, අවදානම් ආරක්ෂාව සඳහා ලාංකිකයන්ගේ පළමු තේරීම බවට SLIC General පත්වීම කෙරෙහි පවතින විශ්වාසයද මෙයින් මනාව පිළිබිඹු විය.
රජයට ගෙවන ලද බදු දායකත්වය රුපියල් බිලියන 5.7ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 66ක වර්ධනයකි. මේ තුළින් සමාගමේ වර්ධනය සහ ජාතික ආදායමට දක්වන දායකත්වයේ ප්‍රමාණය ඉස්මතු කරයි. ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස තවදුරටත් සිය ස්ථානය තහවුරු කර ගනිමින් සමාගම, 2024 වසරේ දී පැවති සියයට 19.4 ක සිය සමස්ත වෙළෙඳපොළ කොටස සියයට 20.2 දක්වා වර්ධනය කර ගැනීමට සමත් විය.
මෝටර් රථ රක්ෂණ අංශය ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කරමින්, එහි වාරික ආදායම පෙර වසරට සාපේක්ෂව සියයට 29.7 ක වර්ධනයක් ලැබූ අතර එමගින් ‘Motor Plus‘ මෙරටේ අංක එකේ මෝටර් රථ රක්ෂණය ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරු කරගෙන ඇත. තවද, ගිනි සහ ඉංජිනේරු, සමුද්‍රීය, වෛද්‍ය සහ සාමාන්‍ය අනතුරු යන ක්ෂේත්‍ර ඇතුළත් මෝටර් නොවන රක්ෂණ අංශය සියයට 6.7 ක වර්ධනයක් වාර්තා කළේය. මෙය සමස්ත ක්ෂේත්‍රයේ සාමාන්‍ය වර්ධනය අභිබවා යාමක් වූ අතර SLIC General සතු විවිධ රක්ෂණ සැලසුම් එකතුවෙහි පවතින ශක්තිමත් බව මෙයින් තවදුරත් විදහා දැක්වේ. එමෙන්ම, රජයේ සුරැකුම්පත්වල රුපියල් බිලියන 12.8 ක් ආයෝජනය කිරීම ඇතුළු උපායමාර්ගික ආයෝජන හරහා SLIC General සිය මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, සමාගමේ වත්කම් ප්‍රමාණය සහ ජාතික ආර්ථික ස්ථාවරත්වය උදෙසා දක්වන සක්‍රීය දායකත්වය මනාව පෙන්නුම් කෙරිණි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් 2025 වසරේදී ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් අත්කර ගනී