
භානුක අමරසිංහ
ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව 2025 (Sri Lanka Economic and Investment Summit 2025) දෙසැම්බර් 02 සහ 03 කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ‘’Gateway to Growth – Asia’s Emerging Opportunity’ යන්න මෙවර සමුළුවේ තේමාවයි.
මෙම සමුළුව සඳහා ජාත්‍යන්තර නියෝජිතයන් 100කට අධික සංඛ්‍යාවක් ඇතුළුව සහභාගිවන්නන් 850ක ට වැඩි පිරිසක් පැමිණෙනු ඇතැයි ලංකා වාණිජ මණ්ඩලය පවසයි. මෙහිදී දේශීය මෙන්ම විදේශීය ඉහළ මට්ටමේ දේශකයන් 40 දෙනකු පමණ සමුළුව ඇමතීමට නියමිතව තිබේ. එහිදී වෙළෙඳාම, ආයෝජන, නිෂ්පාදන, පුනර්ජනනිය බලශක්තිය, තාක්ෂණය, සැපයුම් සේවා, සංචාරක, මූල්‍ය සේවා සහ කෘෂිකර්මාන්ත යන අංශ මෙහිදී ආවරණය කෙරේ.
වාර්ෂිකව පැවැත්වෙන මෙම Sri Lanka Economic and Investment Summit 2025 සමුළුවට සහභාගි වන්නන්ට ශ්‍රී ලංකාවේ ආර්ථික යථාවත්වීම සඳහා වන නව ප්‍රතිසංස්කරණ සහ නිර්දේශ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් සහ කර්මාන්තයේ ප්‍රවීණයන්ගෙන් ඍජුවම දැන ගැනීමේ අවස්ථාව පවතින බව සංවිධායකයෝ පවසති. සමුළුවට සහභාගිවීම සඳහා වන ටිකට්පත් මේ වනවිට සම්පූර්ණයෙන්ම අලෙවි වී ඇතැයිද ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව දෙසැම්බර් 02 ඇරඹෙයි