ශ්‍රී ලංකාව බොහෝ දෙනකුට බොහෝ සෙයින් වටනේය. එහෙත් සෑම සංචාරකයකුම මෙරටින් සිත් සතුටින් නික්ම යන්නේ ඇයිද යන්නත් නැවත මෙරටට එන්නේ ඇයිද යන්නත් කියා ගන්නට අපට නොහැකිවීම අවාසනාවකි. එසේ වන්නේ අපට ඒ සඳහා ඇති එකම මෙවලම මුවින් ගිලිහෙන වදන වූ නිසාමද?
ඒ සඳහා අප මනා ලෙස පැකේජ සකස් කර සැරසිය යුතුය. හොඳම ප්‍රතිඵල ලැබීමට තොරතුරු නිර්මාණාත්මකව ඉදිරිපත් කළ යුතුය. මගේ මිතුරකු ඒ ගැන කියන්නේ මෙසේය. තරුපහේ නිපැයුමක් සිදු කරන අප තරු තුනේ මට්ටමෙන් කරුණු ඉදිරිපත් කර තරු තුනේ ඉපැයුම් ලබන්නෙමු. එය සත්‍යයක් නොවේද? කෙතරම් නාස්තියක් අපි කරන්නෙමුද?
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට 2030 වසර වනවිට සංචාරකයන් මිලියන 4ක් ආකර්ෂණය කර ගැනීමටත් එයින් ඇ.ඩො. බිලියන 10ක් උපයා ගැනීමේත් මහඟු විභවතාවක් පවතී. එයින් ඉහළම විදේශ විනිමය උපයන්නා බවට අපට පත්විය හැකිය. එකට පොදි බැඳී පවතින අනුපමේය ආකර්ෂණයන් තුළින් අත්විඳින දෙයින් කිසිවකුට සම කළ නොහැකි දෑ අපට සංචාරකයන්ට පිරිනැමිය හැකිය.
එසේ ලැබෙන වාසි සංචාරක කර්මාන්තයට සෘජුවම මිනිසුන්ගේ මැදිහත්වීමෙන් පමණක් ලැබෙන ඒවා නොවේ. කෘෂිකර්මාන්තය, ගොවිපොළ තොරතුරු තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික කර්මාන්තය, ආහාර සැපයුම රෝහල් ආදී බොහෝ නේකවිධ කර්මාන්ත හා ව්‍යාපාරවලින් සංචාරක කර්මාන්තයට පිටිවහලක් ලැබේ.
ආර්ථිකය යළි පණගැන්වීමට සහාය දෙන ප්‍රධාන කාරණය ලෙස සංචාරක කර්මාන්තය අලුත් රජය සලකයි. (E-Visa) ඊ වීසා ගාස්තු ඉහළ නැංවීම නවතා දමා රටවල් 40කට නිදහස් වීසා පිරිනැමීමට රජය ගත් තීරණය පැසසිය යුතුය. එසේ නොවුවහොත් අපගේ රට සංචාරය කිරීමට ජන ප්‍රසාදය දිනා නොගත් ගමනාන්තයක් වනු ඇත.
ශ්‍රී ලංකාව එකල හා මෙකල
නිවර්තන දේශගුණය, ජෛව විවිධත්වය, දිවයිනක් වීම යන සාධක ඇතුළු විවිධ කාරණා නිසා ශ්‍රී ලංකාව විවේකීව නිවාඩුවක් ගත කිරීමට සුදුසු ජනප්‍රිය ගමනාන්තයක් වූ බව අපි දනිමු. කෙසේ වුවද මාලදිවයින, තායිලන්තය, සී ෂෙල්ස්, වියට්නාමය, ඉන්දුනීසියාව ආදී රටවල් දෙස බැලූ විට එම රටවල් පරිභෝගිකයා ඉලක්ක කර ගෙන අඛණ්ඩව ජාත්‍යන්තර ප්‍රචාරක ප්‍රවර්ධනයේ යෙදී තිබේ. ඒ ඔස්සේ දැවැන්ත ඉල්ලුමක් එම රටවල් උදෙසා නිර්මාණය වී ඇත.
කාලයක් පුරා මෙරටට සංචාරකයන්ගේ පැමිණීම පරීක්ෂා කළ විට අපගේ කාර්ය සාධනය පවතින්නේ සෝචනීය තත්ත්වයක බව ඔබට පෙනෙනු ඇත. තරගකරුවන් අභිබවා යාමට අපට නොහැකිවී තිබේ. සංචාරක කර්මාන්තයේ අපගේ තරගකරුවන් හා අප අතර ප්‍රගතියට අදාළ සංඛ්‍යා ලේඛන සසඳා බලන්න. වගු සටහනේ එම සංඛ්‍යා ලේඛන ඇතුළත්ය.
කාලයේ අවශ්‍යතාව වන්නේ අලෙවිකරණය මිස පරිපාලන ව්‍යුහය වෙනස් කිරීම නොවේ.
වෙෙළඳපොළ දිනාගැනීම හා මහජන සම්බන්ධතා
පසුගිය වසර 17, 18 ටම අප කිසි විට හොඳින් සැලසුම් කළ වෙෙළඳ දැන්වීම් කර සැකසු මහජන සම්බන්ධතා ඇති කරන ප්‍රවර්ධන වැඩසටහනක් ගෝලීය වශයෙන් දියත් කර නොතිබිණි. මෙම කාරණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කළ යුතු ආකාරය පනතෙන් පැහැදිලිව විස්තර කෙරේ. වෙෙළඳ දැන්වීම් කරන කොම්පැණි තෝරා ගැනීම, මාධ්‍ය මිලට ගැනීම් හා රජයේ ප්‍රසම්පාදන පරිපාටිය සැලසුම් කිරීමේ ව්‍යුහාත්මක කාර්ය පටිපාටිය පනතේ පැහැදිලිව දැක්වේ.
හොඳින් සමීක්ෂණ කර සැලසුම් කළ අලෙවි ක්‍රියාකාරකම් සහිතව කටයුතු නොකිරීම නිසා මූලික වශයෙන් සිදුවූයේ අවිධිමත් ලෙස වෙෙළඳ දැන්වීම් පළ කරමින් ප්‍රවර්ධන කටයුතු කිරීමයි. එයින් ඉලක්කගත පිරිසක් වෙත එම ප්‍රචාරක කටයුතු සිදු කරන්නට නොහැකි විය. ඒ හේතුවෙන් අපට විශාල සංචාරක පිරිසකගේ පැමිණීමත් එයින් ලැබිය හැකි ආදායමත් අහිමිව ගියේය.
උදාහරණයකට වර්තමානයේ තරු තුනේ, හතරේ, පහේ හෝටල් වෙන් කරගන්නා අයගෙන් සියයට හැත්තෑ පහකට වැඩි ප්‍රතිශතයක් එම වෙන් කිරීම කරනුයේ එතෙර සිටින සංචාරක මෙහෙයුම්කරුවන් හරහාය. පාරිභෝගිකයා දැනුවත් කිරීම සංචාර මෙහෙයුම්කරුවන් හරහා පමණක් සිදුවන විට ප්‍රධාන සාධකය මිල බවට පත්වේ. එම නිසා සංචාර මෙහෙයුම්කරුවන්ට එම කාර්යය පහසු කරවීම සඳහා අප නිර්මාණාත්මක වෙෙළඳ දැන්වීම්වලින් සහ මහජන සම්බන්ධතාවලින් අප ඊට සහාය දැක්විය යුතුයි. එහිදී අපගේ තරගකරුවන්ට එරෙහිව පාරිභෝගිකයන් ඉලක්ක කර ශ්‍රී ලංකාව පිළිබඳ සලකා බැලීමට පොළඹවා ලිය යුතුවේ. එවිට ඉහත කී සංචාර මෙහෙයුම්කරුවන් මහජන සම්බන්ධතා සහ වෙළඳ දැන්වීම් සඳහා ආයෝජන කරනු ඇත. මාධ්‍ය හරහා පුවත් පළ කරමින් වාර්තා වැඩසටහන්වලින් ආකර්ශනීය වට්ටම් පිරිනමමින් අහිතකර ප්‍රචාරයන් වළකාලීම ඔවුන් එවිට කරනු ඇත.
අප දළ වශයෙන් සංචාරකයන්ගේ පැමිණීම ඇසුරෙන් ලබනුයේ සියයට 15ක ප්‍රගතියකි.
(2024 සිට 2025 දක්වා) අප 2018 පැමිණි සංචාරකයන් සංඛ්‍යාව කරා එළඹෙන්නේ 2019 සහ 2022 අතර ඉතා නරක කාල පරිච්ඡේදයක් ගෙවා දැමූ පසුවයි. මෙහිදී ද (Gen Z) පරම්පරාවේ වයස් කාණ්ඩයේ සංචාරකයන්ගේ ප්‍රධාන ආකර්ෂණීය ස්ථානවලට ආරුගම්බොක්ක, මිරිස්ස, ඇල්ල, හික්කඩුව ආදිය ඇතුළත්ය. සමාජ මාධ්‍යවලින් එම Gen z පරපුරට එම බලපෑම ඇතිකොට තිබෙන බැවින් ඉලක්කගත සංචාරකයන් වන්නේ ඔවුන්ය. ශ්‍රී ලංකාවට ගමනාන්ත ලෙස ලැබෙන අලෙවි ප්‍රවර්ධනය මඳ බව හේතුකර ගෙන බෙන්තොට, බේරුවල, යාල, නුවරඑළිය, ත්‍රිකුණාමලය, පාසිකුඩා, මීගමුව, කොළඹ, මහනුවර සහ සීගිරිය ගමනාන්ත ලෙස ලැබිය යුතු ප්‍රචාරය ලැබී නොමැත. සැබෑ විෂමතාවක් පවතින එම ප්‍රදේශ ප්‍රචාරයේදී නොසලකා හැර තිබේ.
සංචාරක පනත – හොඳම ප්‍රතිඵල උදෙසා
සංචාරක බලධාරීන් සංචාරක ප්‍රවර්ධනය සඳහා පමණක් නොව එතෙර සංචාරක කාර්යාල නඩත්තු කිරීමට පවා මුදල් සොයා ගැනීමට අරගලයක යෙදී සිටින කාලයක ව්‍යාපෘතියේ ප්‍රමුඛයෝ සංචාරක පනත සංශෝධනය කළහ. රජයට බරක් නොවී තරගකාරිත්වය පවත්වා ගැනීම සහ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීම එහි අරමුණ විය.
සංචාරක සංවර්ධන බද්ද ඉතා බුද්ධිමත් අදහසක් වන අතර ඒ සඳහා සංචාරක මෙහෙයුම් සංවිධානවලින් ඒ සඳහා සියයට 1ක් අය කෙරේ. හොඳම ජාත්‍යන්තර වෙෙළඳ දැන්වීම ප්‍රචාරක හා මහජන සම්බන්ධතා කොම්පැණිවල සේවාව ලබා ගෝලීය ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට එමගින් අවස්ථාව සැලසේ. ප්‍රධාන කාර්යභාරයන් පවත්වා ගැනීම සඳහා එම පනත ඉතාමත් සූක්ෂම ලෙස සැලසුම් කර ඇත. දේශීය හා ජාත්‍යන්තර ප්‍රවර්ධන කටයුතු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයෙන් (SLTPB) ද SLTDA (ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හරහා) නියාමන කටයුතු ද සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන SLCB මගින්ද පුහුණු හා සංවර්ධන කටයුතු SLITHM තුළින්ද ඉටු කිරීමට නියමිතය. මෙම සංවිධානවලට අතිදක්ෂ උදවිය මග පෙන්වන්නේ නම් අපට ඇති හොඳම විකල්ප ඒවාය. ඒවායින් අපට හොඳම ප්‍රතිඵල ලබාගත හැකිය. ඊට හොඳම උදාහරණය 2015 දී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය (SLTDB) වෙෙළඳ දැන්වීම් ප්‍රචාරක කොම්පැණි තෝරා ගැනීම මෙහෙයවූ ආකාරයෙන් ලැබේ. කෙසේ වුවද දේශපාලන මැදිහත්වීමෙන් එය ඇණහිටිණි.
ධනාත්මක අංග
2005 පනත වෙනස් කිරීමේ සෘණාත්මක ප්‍රතිඵල
(මෙම ලේඛකයා සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමයේ (SLAITO) හිටපු සභාපතිවරයෙකි)
ශ්‍රී ලංකා අද්විතීය පාරාදීසය මගහැරුණේ මොනවාද ?