IMG-LOGO

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා


ශ්‍යාමලී ජයතුංග ලංකා ඇලු‍මිනියම් ඉන්ඩස්ට්‍රීස් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ


ලංකා ඇලු‍මිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස ශ්‍යාමලී ජයතුංග මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ඇය ලබන ජූලි 01 වැනිදා සිට එම සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කෙරෙන බව සමාගම සඳහන් කරයි. 
වෘත්තියෙන් නීතීඥවරියක වන ඇය සතුව ජාත්‍යන්තර ව්‍යාපාර නීතිය, ආරවුල් නිරාකරණය, සාංගමික උපදේශන සේවා යනාදිය සම්බන්ධයෙන් විශේෂඥතාවක් පවතින බව සඳහන් වෙයි. එසේම ඇය සතුව සාංගමික ප්‍රතිව්‍යුහගතකරණය, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය සහ කර්මාන්ත අතර ඉහළ වටිනාකම් සහිත ගනුදෙනු සම්බන්ධයෙන් සිය සේවාදායකයන් වෙත උපදෙස් ලබාදීම පිළිබඳව ඉහළ පිළිගැනීමක්ද ඇය සතුව පවතී. ඇය මේ වනවිට ලංකා හොස්පිටල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙසද කටයුතු කරයි. 

 



අදහස් (0)

ශ්‍යාමලී ජයතුංග ලංකා ඇලු‍මිනියම් ඉන්ඩස්ට්‍රීස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site