IMG-LOGO

2026 මැයි මස 20 වන බදාදා


ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ සෙලාන් ශිෂ්‍ය ඉතුරුම් මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ


කොල්ලු‍පිටිය ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ සෙලාන් ශිෂ්‍ය ඉතුරුම් මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට සෙලාන් බැංකුව පසුගියදා පියවර ගත්තේය. ඒ මෙවර පළමු ශේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ දිනයට සමගාමීවය. එදින මවුපියෝ තම දරුවන්ට කුඩා අවධියේ සිටම මුදල් ඉතිරි කිරීමේ සහ මුදල් නිවැරදිව කළමනාකරණය කිරීමේ වැදගත්කම පෙන්වා දීමේ අරමුණින් සෙලාන් ටිකිරි ගිණුම් විවෘත කළහ. 

ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රධානී නිහාල් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට සෙලාන් බැංකුව වෙනුවෙන් එහි කලාපීය කළමනාකාරිනී (මෙට්‍රොපොලිටන්) දර්ශි කළුආරච්චි, ප්‍රධාන කළමනාකරු (අලෙවි) නලින් කරුණාරත්න,  Liability Product අංශයේ ප්‍රධානී චින්තක ප්‍රනාන්දු සහ මිලේනියම් ශාඛාවේ කළමනාකාරිනී ඉරෝෂා ඩයස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 

මෙවැනි පියවර ඔස්සේ මෙරට දරු පරපුරට සමීප වෙමින්, දීප්තිමත් අනාගතයක් උදෙසා වැදගත් වන ශක්තිමත් මූල්‍ය පුරුදු කුඩා කල සිටම ඔවුන් තුළ ඇතිකරවීමට සෙලාන් බැංකුව සෑම විටම උත්සාහ කරයි.



අදහස් (0)

ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ සෙලාන් ශිෂ්‍ය ඉතුරුම් මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site