IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ශක්තිමත් වර්ධන වේගයක් සමගින් වැලිබල් ෆිනෑන්ස් බදු පෙර ලාබය සියයට 50 කින් ඉහළට

  • වත්කම් පදනම රු. බිලියන 143 දක්වා ඉහළ යමින් වේගවත් ව්‍යාප්තියක් සටහන් කරයි
  • අක්‍රීය ණය (NPL) අනුපාතය සියයට 5.19 ක සිට සියයට 2.78ක් දක්වා පහතට
  • උතුරු පළාතේ මෙහෙයුම් ස්ථාපිත කිරීම ලබන වසරේ මුල් භාගයේදී 

වැලිබල් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව

වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සිය ශක්තිමත් අඛණ්ඩ වර්ධනය තවදුරටත් පවත්වාගෙන යමින් 2025/26 මූල්‍ය වර්ෂයේ පළමු භාගයේදී සුවිශේෂී මූල්‍ය ප්‍රතිඵල ලබා දෙමින් සහ ශ්‍රී ලංකාවේ ඉහළම මූල්‍ය ආයතන පහ අතර එහි ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට සමත්ව ඇත. 

ඒ අනුව මෙම කාල සීමාව සඳහා එම සමාගම රුපියල් බිලියන 2.7 ක බදු ගෙවීමට පෙර ලාබයක් (PBT) වාර්තා කළ අතර එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 50 ක කැපී පෙනෙන ඉහළ යාමකි. ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 4.9 ක් දක්වා සැලකිය යුතු අන්දමින් සියයට 30 ක වර්ධනයක් වාර්තා කර තිබේ.

එසේම සමාගමේ ශේෂ පත්‍රය සහ මෙහෙයුම් ශක්තීන් තවදුරටත් පැහැදිලිව පැවැති අතර, වත්කම් පදනම රුපියල් බිලියන 143 දක්වා පුළුල් කර ගැනීමට සමත්ව තිබේ. එය වසරකට පෙර පැවති රුපියල් බිලියන 112 සිට සියයට 28 ක සුවිශේෂී වර්ධනයකි. 

මීට අමතරව අක්‍රීය ණය (NPL) අනුපාතයද සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී සියයට 5.19 ක සිට සියයට 2.78ක් දක්වා පහත වැටී තිබේ. එමගින් සමාගම මගින් පවත්වාගෙන යන ශක්තිමත් ණය කළඹ විනය සහ ඵලදායී ණය අධීක්ෂණය පෙන්නුම් කරන බව සමාගම පවසයි.

මෙහිදී එම වර්ධනය වැඩිදියුණු කළ වත්කම් ගුණාත්මකභාවය, ශක්තිමත් කළඹ කාර්ය සාධනය සහ සාර්ථක පිරිවැය කළමනාකරණය අවධාරණය කරන බව පවසයි. මෙම වසර මුලදී සමාගම කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් වාර්තා කිරීමට සමත් විය. විශේෂයෙන්ම වසර 17 ක් ඇතුළත වත්කම් රුපියල් බිලියන 100 ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ වේගවත්ම මූල්‍ය ආයතනය බවට පත්වීම වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සතු වේගවත් හා තිරසාර ව්‍යාප්තියට සාක්ෂියක් බවත් පවසයි.

මේ අතර වැලිබල් ෆිනෑන්ස් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ඉතා කීර්තිමත් ආයතනයක් ලෙස පිළිගැනෙන අතර, ලංකා ශ්‍රේණිගත  කිරීමේ ඒජන්සියේ LRA) A- ණය ශ්‍රේණිගත කිරීමක් සහ බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් වෙතින් A සන්නාම ශ්‍රේණිගත කිරීමක් හිමිකර ගත්තේය. 

මෙම ස්වාධීන ශ්‍රේණිගත කිරීම් මගින් සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය, ශක්තිමත් සන්නාම සාධාරණත්වය සහ විශ්වාසදායක මූල්‍ය විසඳුම් ලබා දීමේ විශිෂ්ටත්වය සඳහා ස්ථාවර කැපවීම අවධාරණය කෙරෙන බවත් සමාගම පවසයි.

එසේම ශක්තිමත් පහළම මට්ටමේ වර්ධනය, අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරයක් තිබියදීත්, ඉහළම මට්ටමේ කාර්ය සාධනය තිරසාර කොටස් හිමියන්ගේ වටිනාකමක් බවට පරිවර්තනය කිරීමට වැලිබල් ෆිනෑන්ස් හි අඛණ්ඩ හැකියාව ඉස්මතු කර තිබේ.

මේ අතර, කොටස් මත ප්‍රතිලාභය (ROE) සියයට 21.77 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2024 දී පැවැති සියයට 16.87 සිට ඉහළ ලාභදායීතාව සහ කාර්යක්ෂම ප්‍රාග්ධන භාවිතය පෙන්නුම් කරන්නක් බව සමාගම පවසයි. එසේම මෙම දර්ශක වැලිබල් ෆිනෑන්ස් සමාගම මෙම අංශයේ හොඳම ක්‍රියාකාරී ආයතන අතර ස්ථිරව ස්ථානගත කරන අතර ආර්ථික අභියෝග මධ්‍යයේ එහි ඔරොත්තු දෙන ව්‍යාපාරික මූලධර්ම පිළිබිඹු කරයි.

සමාගමේ රට පුරා පැවැත්ම උපායමාර්ගික ශක්තියක් ලෙස පවතින අතර, ශාඛා 85 ක ශක්තිමත් සහ අඛණ්ඩව ව්‍යාප්ත වන ජාලයකින් ඊට සහාය දක්වයි. මෙම පුළුල් පියසටහන සමාගමට නාගරික, අර්ධ නාගරික සහ ග්‍රාමීය වෙළෙඳපොළ හරහා ගනුදෙනුකරුවන්ට සේවය කිරීමට හැකියාව ලබා දෙන අතර, එහි සම්පූර්ණ මූල්‍ය විසඳුම් පරාසයට පහසු ප්‍රවේශයක් සහතික කරයි. ශ්‍රී ලංකාව පුරා විශ්වාසදායක සහ ප්‍රවේශ විය හැකි මූල්‍ය සේවා සපයන්නකු ලෙස වැලිබල් ෆිනෑන්ස් හි කීර්ති නාමය ශක්තිමත් කිරීම සඳහා තැන්පතු බලමුලු‍ ගැන්වීම, ණය දීම පුළුල් කිරීම සහ පාරිභෝගික සහභාගීත්වය සඳහා ද එය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

මේ අතර නැගෙනහිර පළාතේ ශාඛා ජාලය පුළුල් කිරීම දැනට සිදුවෙමින් පවතින අතර 2025 දෙසැම්බර් වන විට අවසන් කිරීමට නියමිතය. උතුරු පළාතේ මෙහෙයුම් ස්ථාපිත කිරීම ලබන වසරේ මුල් භාගයේදී සැලසුම් කර ඇත.

වැලිබල් ෆිනෑන්ස් හි කර්මාන්ත නායකත්වය අඛණ්ඩව ජාත්‍යන්තර පිළිගැනීමක් සහ ප්‍රශංසාවක් ලබා ඇත. අනාගතය කේන්ද්‍ර කරගත් සහ ඉහළ කාර්යසාධනයක් සහිත මූල්‍ය ආයතනයක් ලෙස එහි ස්ථාවරය නැවත තහවුරු කරමින්, ග්ලෝබල් ඉකොනොමික් (UK) විසින් හොඳම මූල්‍ය සමාගම ලෙස සමාගම කිහිප වතාවක් ගෞරවයට පාත්‍ර වී ඇත.

තවද, සමාගම ශක්තිමත් සහ උපායමාර්ගික ඩිජිටල් ප්‍රවේශයක් අනුගමනය කරන අතර, පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීම සඳහා සියලු‍ම ප්‍රධාන ඩිජිටල් වේදිකා හරහා පූර්ණ විසඳුම් ලබා දෙයි. මෙම ඩිජිටල් නායකත්වය එහි ආයතනික ප්‍රතිරූපය ශක්තිමත් කරනවා පමණක් නොව, මූල්‍ය කර්මාන්තයේ ප්‍රමුඛයකු ලෙස එහි ස්ථානය ශක්තිමත් කරන්නකි.

එහි ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනය, පුළුල් වන පියසටහන සහ ශක්තිමත් නවෝත්පාදන ක්‍රමවේද සමගින්, වැලිබල් ෆිනෑන්ස් නැගී එන අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට සහ විශ්වාසයෙන් වෙනස් වන වෙළෙඳපොළ අවස්ථා වෙත හොඳින් ස්ථානගත වී ඇත. එසේම ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශය පුරා වටිනාකම, ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රගතිය මෙහෙයවීමට සමාගම කැපවී සිටින බවත් පවසයි.



අදහස් (0)

ශක්තිමත් වර්ධන වේගයක් සමගින් වැලිබල් ෆිනෑන්ස් බදු පෙර ලාබය සියයට 50 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site