IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


ශක්තිමත් ප්‍රාග්ධන වෙළෙඳපොළකට ලංකාව, බංග්ලාදේශ, පකිස්තානය ගිවිසුමක

 


විමුක්ති එස් රුද්‍රිගු


දකුණු ආසියාව තුළ ශක්තිමත් ප්‍රාග්ධන වෙළෙඳපොළක් ගොඩ නැගීමට සහයෝගීත්වයෙන් කටයුතු කිරීම සඳහා වන මුල පිරීමක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව, බංග්ලාදේශ, පකිස්තානය යන රටවල කොටස් වෙළඳපොළ ප්‍රධානියෝ අවබෝධතා ගිවිසුමකට ඊයේ (27) අත්සන් තැබූහ.

කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව සංවිධානය කරන “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා 2025” ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජක හමුව කොළඹ ෂැනග්‍රිලා හෝටලයේදී ඊයේ (27) ආරම්භ වූ අතර එහිදී ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශය මෙලෙස අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේය.

අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට පකිස්ථාන කොටස් වෙළඳපොළේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ෆාරුක් එච්. සබ්ස්වරි, කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක සහ ඩකා කොටස් වෙළඳපොළේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති මොමින් උල් ඉස්ලාම් යන මහත්වරුන් ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.



අදහස් (0)

ශක්තිමත් ප්‍රාග්ධන වෙළෙඳපොළකට ලංකාව, බංග්ලාදේශ, පකිස්තානය ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site