කොටස් වෙළෙඳපොළ අද දිනයේ පළමු පැය දෙක තුළ ගනුදෙනු සිදුවන ආකාරය ස්ථාවරත්වයක් සඳහා ගමන් කරන්නේ ද යන්න තීරණය කරනු ඇත. ආර්ථික ස්ථාවරත්වය සඳහා ගෙන තිබෙන පියවර සහ එයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම කෙරෙහි ශ්‍රී ලාංකික ජන සමාජය තුළ යම් විශ්වාසයක් ගොඩනැගී තිබේ.
දේශපාලන කටයුතු සම්බන්ධයෙන් රජය ගන්නා තීන්දු ස්ථාවරභාවය කෙරෙහි තියුණු පීඩනයක් ඇති කරන බවක් පෙනේ. මෙවැනි පසුබිමක් තුළ දෙස් විදෙස් ආයෝජන අංශ කටයුතු කරන ආකාරය ආර්ථික කටයුතුවල දී ඉතාම වැදගත් සාධකයකි.
තැපැල් සහ රෝහල් කාර්ය මණ්ඩලවල වැඩ වර්ජන හා විරෝධතා තරමක ව්‍යාකූලතාවයක් ඇති කොට තිබේ. අලුත් පනත අනුව විදුලිය බල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ බලපැවැත් වේ. විදුලිය බල මණ්ඩලයේ සේවකයන් සිය අලුත් වගකීම් ලිපි භාර නොගැනීමක් ගැන දක්වන අදහස් ද ගැටලු ඇති කරන්නට හේතුවේ.
ඉකුත් සිකුරාදා (අගෝ 22) ගනුදෙනු ආරම්භ කර පළමු භාගය ගෙවෙන්නට පෙර දර්ශක පහත වැටීම ආරම්භ වූ අතර එය නැවත ආවරණය වූයේ නැත. දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,649.20 ක් දක්වා පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 66.29 ක අඩුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,089.84 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 18.65 ක පහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 5.09 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 36,606 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 181.23 ක් විය. ගනුදෙනු ප්‍රමාණය හා පිරිවැටුම පහත වැටී තිබුණි. සමාගම් 130 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 117 කි. විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 89 ක කොටස් මිල දීගන්නා අතර විකුණන ලද ප්‍රමාණය රුපියල් මිලියන 58 කි.
රෝයල් සෙරමික් රුපියල් මිලියන 236 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රුපියල් මිලියන 166 ක්, ඇම්බියන් කැපිටල් රුපියල් මිලියන 162 ක්, සන්ෂයින් හෝල්ඩිං රුපියල් මිලියන 143 ක්, එල්.ඕ.එල්.සී. හෝල්ඩිං රුපියල් මිලියන 120 ක්, ජෝන් කීල්ස් රුපියල් මිලියන 106 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
වෙළෙඳපොළ වර්ධනය තීරණය කරන පළමු පැය දෙක