විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ පළමු මාස හතේදී මෙරට උපාය ගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න වූ වාර්තාගත අපනයන ආදායම පිළිබඳව නවතම දත්ත වාර්තාව අපනයන සංවර්ධන මණ්ඩලය ඉකුත්දා ප්‍රකාශයට පත්කළ අතර එහි මෙම වසරේ පළමු මාස 5 තුළදී ශ්‍රී ලංකාව වැඩිම වෙළෙඳ භාණ්ඩ අපනයනය කළ කලාප පිළිබඳවද විස්තරද ඇතුළත් විය.
ශ්‍රී ලංකාව මෙම වසරේ පළමු මාස 5 තුළදී වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ නැෆ්ටා රටවල්වලට බවත් ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.98 ක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ එම දත්ත වාර්තාවේ සඳහන් විණි. පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව එය සියයට 3.19 ක වර්ධනයක් බවද එහි දැක්වේ.
උතුරු ඇමරිකානු නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තබා ඇති රටවල් නැෆ්ටා රටවල් ලෙස හැඳිවෙන අතර ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව එයට අයත් වේ.
දෙවැනි ස්ථානයට මෙම වසරේ පළමු මාස 5 තුළදී ශ්‍රී ලංකාව වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ යුරෝපා සංගමයේ රටවල්වලට වන බවත් ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.77 ක් බවත් එම දත්ත වාර්තාවේ සඳහන් විය. එය පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව සියයට 15.64 ක් බවද එහි දැක්විණි.
එසේම ශ්‍රී ලංකාව මෙම වසරේ තෙවැනි ස්ථානයට වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ දකුණු ආසියාවට බවත් ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 818.5 ක් බවත් එම වාර්තාවේ සඳහන් වේ. එය පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව සියයට 9.50 ක වර්ධනයක් බවද එහි දැක්වේ.
වෙළෙඳ භාණ්ඩ වැඩි ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ නැෆ්ටා රටවල්වලට