IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


වෙළෙඳ ආයෝජන දිරිමත් කිරීමට ඉන්දු-ලංකා ඉහළ පෙළේ ව්‍යාපාරිකයෝ හමුවෙති

විමුක්ති එස්. රුද්‍රිගු


නිෂ්පාදන, සෞඛ්‍ය සේවා, සැපයුම්, පුනර්ජනනීය බලශක්තිය, අධ්‍යාපනය සහ සංචාරක වැනි අංශවල ඉන්දියානු කර්මාන්ත සම්මේලනය නියෝජනය කරන ඉහළ පෙළේ ප්‍රධාන විධායක නිලධාරීන් පිරිසක් සමග මෙරට ව්‍යාපාරික නායකයන් පිරිසක් පෙරේදා (30) කොළඹ රත්නදීප හෝටලයේදී උපායමාර්ගික වටමේස සාකච්ඡාවක් පැවැත්වූ බව වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
මෙම වටමේස සාකච්ඡාව ලංකා වාණිජ මණ්ඩලය සහ ඉන්දු-ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමග එක්ව සංවිධානය කළ බව වාණිජ මණ්ඩලය පැවැසුවේය.
වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසට එම මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා නායකත්වය ලබා දී ඇති අතර ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ නියෝජිත පිරිසට මෙරට රත්නදීප හෝටලයේ හිමිකාරිත්වය දරන අයි.ටී.සී සමාගමේ සභාපති මෙන්ම කළමනාකාර අධ්‍යක්ෂවරයා වන සංජීව් පූරි මහතා නායකත්වය ලබා දී ඇත.
වෙළෙඳ පහසුකම් වැඩිදියුණු කිරීම, නියාමන රාමු පෙළගැස්වීම සහ දෙරට අතර ආයෝජන ප්‍රවාහ දිරිමත් කිරීම කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමුවූ බව ද ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට දෙරටේ නියෝජිතයන් මෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ද සහභාගි වී ඇත.



අදහස් (0)

වෙළෙඳ ආයෝජන දිරිමත් කිරීමට ඉන්දු-ලංකා ඉහළ පෙළේ ව්‍යාපාරිකයෝ හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site