IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


වාහන මිල අධිකම රටවල් අතර තෙවැනි තැන ශ්‍රී ලංකාවට

  • මෙරට වාහන මිල ගණන් දෙවැනි වන්නේ සිංගප්පූරුවට සහ මාලදිවයිනට පමණයි
  • ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට ලකුණු 175 ක්. මාලදිවයිනට ලකුණු 224.7ක්. සිංගප්පූරුවට ලකුණු 355.8ක්

විමුක්ති එස් රුද්‍රිගු

ලෝක බැංකු දත්ත වාර්තාවලට අනුව ලෝකයේ වාහනයක් මිලදී ගැනීම සඳහා මිල අධිකම වෙළෙඳපොළවල් තිබෙන රටවල් අතර තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන බව ඇඩ්වොකාටා ආයතනය සිය මුහුණු පොතේ සටහනක් තබමින් පෙරේදා(10) ප්‍රකාශ කළේය.

වාහනවල 2021 වසරේ මිල ගණන්වලට අනුව මෙරට වාහනයක මිල ගෝලීය සාමාන්‍ය මිලට වඩා 1.75 ගුණයකින් ඉහළ බවත් මෙරට වාහන මිල ගණන් දෙවැනි වන්නේ සිංගප්පූරුවට සහ මාලදිවයිනට පමණක් බවත් එම සටහනේ දැක්විණි.

එම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව ලකුණු 175 ක් ලැබී ඇති අතර මාලදිවයිනට ලකුණු 224.7ක්, සිංගප්පූරුවට ලකුණු 355.8ක් ලැබී ඇත.

වාහන ආනයනයට පනවා ඇති ඉහළ බදු ප්‍රතිශත සහ සීමාකාරී ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට වාහන හිමිකාරිත්වයක් ලබා ගන්නවා යනු ස්වල්ප දෙනකුට දැරිය හැකි සුඛෝපභෝගී දෙයක් බවට පත්වී තිබෙන බවත් එය සංචලතාව, ඵලදායිතාව සහ ආර්ථික අවස්ථා කෙරෙහි වක්‍රාකාරයෙන් බලපෑම් එල්ල කරන බවත් ඇඞ්වොකාටා ආයතනය ප්‍රකාශ කළේය.



අදහස් (0)

වාහන මිල අධිකම රටවල් අතර තෙවැනි තැන ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site