වාහන ආනයනයෙන් මෙම වසරේ රජයේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 450 ක්
විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා වාහන ආනයනය කිරීමට ණයවර ලිපි 596 ක් විවෘත කර තිබෙන බවත් මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 272 ක් වටිනා මෝටර් රථ මුදාහැර ඇති බවත් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න මහතා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී පසුගියදා ප්‍රකාශ කළේය.
වාහන ආනයනයෙන් මෙම වසරේ රජයේ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 450 ක මුදල උපයා ගැනීමට තමන්ට හැකි වනු ඇති බවත් වාහන ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් වියදම් කරන සෑම ඇමෙරිකානු ඩොලරයකටම රජය ඇමෙරිකානු ඩොලර් 1.7 ක් උපයන බවත් ඔහු එහිදී පැවැසුවේය. එහෙත් රජය ඉපැයීමට බලාපොරොත්තු වූයේ වාහන ආනයනය කිරීම සඳහා භාවිත කරන සෑම ඩොලරයකටම ඩොලර් 1.5 ක් බවද ඔහු ප්‍රකාශ කළේය.
පළමු මාස හතරේදී වාහන ආනයනයෙන් රජය රුපියල් බිලියන 136 ක මුදලක් බදු ආදායම ලෙස උපයා තිබෙන බවද ඔහු පැවැසුවේය. කෙසේ නමුත් වාහන ආනයනයෙන් ඉහළ ආදායමක් ලබා ඇතත් මෙම අවස්ථාවේදී පනවා ඇති බදු ප්‍රතිශත පහළ දැමීමට හැකියාවක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.
වාහන ආනයනයට ණයවර ලිපි 596 ක් විවෘත කරලා