×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
වාහන අලෙවිය පහළ බසී
කතෘ මණ්ඩලය 2025 නොවැම්බර් මස 17
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
පළමු මාස 10 තුළදී වාහන
267,782 ක් මෙරට ගෙන්වලාඔක්තෝබර් මාසයේදී
පමණක් මෙරට
ලියාපදිංචි කර ඇති
වාහන සංඛ්‍යාව 47,685 ක්
සැප්තැම්බර් මාසයේදී මෙරට ලියාපදිංචි කර ඇති
වාහන සංඛ්‍යාව 48,708 ක්
වාහන ලියාපදිංචියේ
වැඩිම වර්ධනයක් පෙන්නුම්
කර ඇත්තේ ජූලි මාසයේ
මෙරට මසකදී සාමාන්‍යයෙන්
යතුරුපැදි 30,000ත්
35,000ත් අතර
ලියාපදිංචි කරනවා
ත්‍රී රෝද රථ සංඛ්‍යාවත්
2,541 දක්වා පහළ ගිහින්
මෝටර් වාහන කාණ්ඩයේ
ලියාපදිංචිය මෙම වසරේ
ඔක්තෝබර් මාසයේදී
9,205 දක්වා පහළ වැටිලා
මෙම වසරේ පළමු මාස 10 තුළදී වාහන 267,782 ක් මෙරට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇතැයි කැල් රිසර්ච් නිකුත් කළ නවතම වාර්තාවක් පෙන්වා දුන්නේය.
මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී පමණක් මෙරට ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව 47,685 ක් බවත් එය පසුගිය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 2 ක පමණ පහළ යාමක් බවත් කැල් රිසර්ච් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
සැප්තැම්බර් මාසයේදී මෙරට ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව 48,708 ක් වූ බවත් එය මෙම වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 27 ක වර්ධනයක් වූ බවත් එම වාර්තාවේ සඳහන් වේ. සැප්තැම්බර් මාසයේ සියයට 27 ක ඉහළ යාමක් පෙන්නුම් කළ වාහන ලියාපදිංචිය ඔක්තෝබර් මාසයේදී සියයට 2 ක ප්‍රතිශතයකින් පහළ යාමෙන් වාහන ඉල්ලුම නැවතත් සාමාන්‍ය තත්වයට පත්වෙමින් තිබෙන බව පෙන්නුම් කරන බවද එහි දැක්වේ.
ජනවාරි මාසයේදී වාහන 11,356ක්, පෙබරවාරි මාසයේදී වාහන 12,541ක්, මාර්තු මාසයේදී වාහන 13,156ක්, අප්‍රේල් මාසයේදී වාහන 17,426ක් සහ මැයි මාසයේදී වාහන 18,522ක් මෙරට ලියාපදිංචි කර තිබිණි.
මෙම වසරේදී වාහන ලියාපදිංචියේ වැඩිම වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ ජූලි මාසයේ වන අතර ජූලි මාසයේදී වාහන 37,622 ක් මෙරට ලියාපදිංචි කර තිබිණි. එය මෙම වසරේ ජූනි මාසයට සාපේක්ෂව වාහන 15,055 ලියාපදිංචියේ ඉහළ යාමක් විය. මෙම වසරේ ජූනි මාසයේදී වාහන 22,567ක් ලියාපදිංචි කර තිබිණි.
කැල් රිසර්ච් වාර්තාව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දත්ත මත පදනම්ව සකසා ඇති අතර එම වාර්තාවට අනුව බොහොමයක් වාහන කාණ්ඩවල ලියාපදිංචිය මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී පහළ ගොස් ඇත.
මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී යතුරුපැදි 32,768 ක් ලියාපදිංචි කර ඇති අතර එය සමස්ත වාහන ලියාපදිංචියෙන් සියයට 69 ක ප්‍රතිශතයක් වූවේය. මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී යතුරු පැදි 32,626 ක් ලියාපදිංචි කර තිබිණි. මෙරට මසකදී සාමාන්‍යයෙන් යතුරුපැදි 30,000ත් 35,000ත් අතර සංඛ්‍යාවක් ලියාපදිංචි කරනු ලබයි.
එහිදී මෝටර් වාහන කාණ්ඩයේ ලියාපදිංචිය මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී 9,205 දක්වා පහළ වැටී ඇති අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී මෝටර් වාහන 10,146ක් මෙරට ලියාපදිංචි වී තිබිණි. එසේම ඔක්තෝබර් මාසයේදී ලියාපදිංචි කර ඇති ත්‍රී රෝද රථ සංඛ්‍යාව 2,541 දක්වා පහළ ගොස් ඇති අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී ත්‍රී රෝද 3,015 ක් මෙරට ලියාපදිංචි කර තිබුණේය.
කෙසේ නමුත් ලොරි සහ බස් රථ ලියාපදිංචිය මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ඉහළ ගොස් ඇති අතර ලොරි 1,068 ක් සහ බස් රථ 131ක් ඔක්තෝබර් මාසයේදී ලියාපදිංචි කර ඇත.
අදහස් (0)
වාහන අලෙවිය පහළ බසී
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
වාහන අලෙවිය පහළ බසී