
විමුක්ති එස් රුද්‍රිගු
ගෝලීය ආර්ථිකය මෙම වසරේදී සියයට 3.2 ක වර්ධනය වේගයක් ළඟා කරගනු ඇති බවත් වත්මන් ගෝලීය වෙළෙඳ අවිනිශ්චිතතා සහ චීනයේ මන්දගාමී වන ආර්ථිකය එම පුරෝකථනය අවදානමක් එල්ල කරනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය.
ඇමෙරිකානු තීරු බද්ද හේතුවෙන් ගෝලීය ආර්ථිකයට සියයට 0.3 ක බලපෑමක් එල්ල වීමට ඉඩ තිබෙන බවද එම අරමුදල පවසයි. චීනයේ දේපළ වෙළෙඳාම් අංශය දුර්වල වෙමින් පවතින බවත් චීනය තුළ දේශීය ඉල්ලුම පහළ යමින් පවතින බවත් එම අරමුදල ප්‍රකාශ කළේය. එය ගෝලීය ආර්ථික පුරෝකථනය බලපෑමක් එල්ල කළ හැකි බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේය.
වසරේදී ගෝලීය ආර්ථික වර්ධනය සියයට 3.2 ක්