
ශ්‍රී ලංකාවේ මෙට්ට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ‘Arpico Mattress Achievers Night 2025’ සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. Arpico විසින් වසර තුළ අත්කරගන්නා ලද ජයග්‍රහණවල සතුට එහි ව්‍යාපාරික හවුල්කරුවන් සහ කාර්ය මණ්ඩලය සමග බෙදාගැනීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ විය.
ඉහළම අලෙවියක් වාර්තා කරන විශිෂ්ටයන්ට සම්මාන පිරිනමන Arpico Mattress Achievers Night සම්මාන උළෙල, Arpico වාර්ෂික වැඩසටහන් අතර ප්‍රමුඛතම වැඩසටහනකි. මෙවර සම්මාන උළෙල Cinnamon Life at City of Dreams හිදී පැවැත්වුණු අතර, එහිදී සමාගමේ අලෙවි නියෝජිතයෝ 150 දෙනෙක් විවිධ කාණ්ඩ යටතේ ප්ලැටිනම්, රන්, රිදී සහ ලෝකඩ සම්මානවලින් පිදුම් ලැබූහ. තමන්ට අදාළ විකිණුම් බලප්‍රදේශ තුළ ඉහළම විකුණුම් සහ ආදායම් වාර්තා කළ විශිෂ්ටයන්ට මෙලෙස සම්මාන හිමි විය. එමෙන්ම මෙහිදී පාරිභෝගික සේවාවේ විශිෂ්ටත්වය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුකරන ලදි.
මෙම වසරේ සම්මාන උළෙලේ ජයග්‍රාහකයන්ට සම්මානවලට අමතරව විදේශ සංචාරද හිමි විය. විකුණුම් කාණ්ඩවල ලෝකඩ සම්මානලාභීන්ට මැලේසියා හෝ බැංකොක් සංචාර පිරිනමන ලද අතර, රිදී සම්මානලාභීන්ට බැංකොක්, පතායා සහ ඩුබායි සංචාර පිරිනමන ලදී. රන් කාණ්ඩයේ සම්මානලාභීන්ට පිලිපීන සංචාර හිමි වූ අතර, ප්ලැටිනම් සම්මානලාභීන්ට ඔස්ට්‍රියාව, හංගේරියාව සහ ඩුබායි වෙත සංචාර හිමි විය.
“අප විසින් නිරන්තරයෙන් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලබන අලුත් නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත සමීප කරවීම සඳහා අපගේ හවුල්කරුවන් විසින් ඉටුකරනු ලබන මෙහෙවර කෙතරම්ද වැදගත්ද යන්න අප හොඳින් දන්නවා. එම මෙහෙවර අපගේ ඇගයීමට ලක් විය යුතුමයි. මෙම සම්මාන ඔවුන්ගේ දායකත්වයට ලැබෙන ඇගයීමක් මෙන්ම, මෙම හවුල්කාරීත්වය අපට කෙතරම් වැදගත්ද යන්න මැනැවින් පිළිබිඹු කරන සාධකයක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. Richard Pieris and Company PLC හි අධ්‍යක්ෂ විවිල් පෙරේරා මහතා පැවසීය.
වසරක ජයග්‍රහණ අභිමානයෙන් සැමරූ Arpico Mattress Achievers Night 2025