×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 මැයි මස 20 වන බදාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
වසර 2035 දී ඩොලර් බිලියන 30ක ඩිජිටල් ආර්ථිකයකට විපක්ෂයෙන් යෝජනා
කතෘ මණ්ඩලය 2026 මැයි මස 04
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
ඉන්දියාව තරගකරුවකු ලෙස
නොව ප්‍රධාන හවුල්කරුවකු ලෙස
සැලකිය යුතුයි
රට තුළ සිදු කරන නීති ප්‍රතිසංස්කරණ, ශක්තිමත් දත්ත ආරක්ෂක පද්ධති පිහිටුවීම, සයිබර් ආරක්ෂණ රාමු සහ රට පුරා ඩිජිටල් ඇතුළත් කිරීමේ මුලපිරීම් හරහා 2030 සහ 2035 අතර ඇමරිකානු ඩොලර් බිලියන 30ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පසුගියදා කොළඹදී පැවති ZEE Media WION ගෝලීය නවෝත්පාදන සහ නායකත්ව සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.
විශේෂයෙන්ම ආර්ථික පරිවර්තනය, කලාපීය ස්ථාවරත්වය සහ අනාගත දියුණුව සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ඉල්ලා තිබේ.
ඉන්දියාව තරගකරුවකු ලෙස නොව ප්‍රධාන හවුල්කරුවකු ලෙස සැලකිය යුතු බවත් සහයෝගීතාව සඳහා අවස්ථාවක් ලෙස නිෂ්පාදන සහ ඩිජිටල් තාක්ෂණයේ නැගීම අවශ්‍ය බවත් මෙහි දී ඉස්මතු කර තිබේ.
එසේම පුනර්ජනනීය බලශක්තිය, සැපයුම්, සංචාරක වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ නිෂ්පාදන ශක්තියට අනුපූරක මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කළ යුතු බවත් එහි දී, ඉන්දියාවේ UPI පද්ධතිය ලංකා QR සමග ඒකාබද්ධ කිරීම හරහා බාධාවකින් තොරව දේශසීමා අතර ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමත් ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ද අවධාරණය කර තිබේ.
“ගෝලීය වශයෙන් Made in Sri Lanka සන්නාමය ප්‍රවර්ධනය කළ යුතුයි. ඒ හරහා ලැබෙන ආර්ථික ප්‍රගතිය තුළින් සියලු පුරවැසියන්ට ප්‍රතිලාභ ලබා දිය යුතුයි.“ විපක්ෂනායකවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා තිබේ.
අදහස් (0)
වසර 2035 දී ඩොලර් බිලියන 30ක ඩිජිටල් ආර්ථිකයකට විපක්ෂයෙන් යෝජනා
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
වසර 2035 දී ඩොලර් බිලියන 30ක ඩිජිටල් ආර්ථිකයකට විපක්ෂයෙන් යෝජනා