IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


වෙසක් පෝදා සිල් සමාදන් වූ උවැසු උවැසියන්ට මහජන බැංකුවෙන් හීල් දානය



මෙම වෙසක් පෝදා පොලොන්නරුව ගල් විහාර පුද බිමේ සිල් සමාදන් වූ උවැසි උවැසියන්ට උදෑසන හීල් දානය පිරිනැමීමට මහජන බැංකුවේ පොළොන්නරුව ප්‍රාදේශිකයේ කාර්ය මණ්ඩලය කටයුතු කරන ලදි.

මේ අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, නිවාස කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ටී.බි. සරත්, මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි, බෞද්ධ සංගමයේ සභාපති රොහාන් පෙරේරා, සහකාර සාමාන්‍යාධිකාරිනි (කලාප ණය 1) දුලානි බුද්ධිකා, පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකාරිණී කේ.ඒ.ඒ.එස් පීරිස් යන මහත්ම මහත්මින්, සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරුන්, රාජ්‍ය නිලධාරින්, මහජන බැංකුවේ බෞද්ධ සංගමයේ හා මහජන බැංකු පොළොන්නරුව ප්‍රාදේශීය බෞද්ධ සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

 



අදහස් (0)

වෙසක් පෝදා සිල් සමාදන් වූ උවැසු උවැසියන්ට මහජන බැංකුවෙන් හීල් දානය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site