IMG-LOGO

2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා


විසා නිදහස් කිරීමට ලංකාව - තායිලන්ත ගිවිසුමකට කැබිනට් අනුමැතිය

 

  • වලංගු සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් හිමි දෙරටේ පුරවැසියන්ට උපරිම දින 30 ක තනි කාල සීමාවක් සහ සමුවර්විත දින 90 ක කාල සීමාවක් දක්වා පුර්ව විසා බලපත්‍රයකින් තොරව රටට ඇතුළු වීමට, පිට වීමට සහ සංක්‍රමණය වීමට අවස්ථාව

නිමල කොඩිතුවක්කු 


සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා විසා නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමකට එළැඹීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ සහ දෙරටේ පුරවැසියන්ගේ සංචාරක කටයුතු පහසු කිරීමේ අරමුණින් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට එළැඹීම පිණිස දෙපාර්ශ්වය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ. එම ගිවිසුමෙන් වලංගු සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් හිමි දෙරටේ පුරවැසියන්ට දින 180ක කාල සීමාවක් තුළ රැකියා, අධ්‍යාපන, මාධ්‍ය හෝ වෙනත් පූර්ව අනුමැතීන් අවශ්‍ය කටයුතු හැර සාමාන්‍ය සංචාරක කටයුතු සඳහා උපරිම දින 30 ක තනි කාල සීමාවක් සහ සමුවර්විත දින 90 ක කාල සීමාවක් දක්වා පුර්ව විසා බලපත්‍රයකින් තොරව රටට ඇතුළු වීමට, පිට වීමට සහ සංක්‍රමණය වීමට අවස්ථාව හිමිවනු ඇත. 

ඒ අනුව, ශ්‍රී ලංකාවේ රජය සහ තායිලන්තයේ රජය අතර සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා විසා නිදහස් කිරීමේ ගිවිසුම අත්සන් තැබීම පිණිස වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

විසා නිදහස් කිරීමට ලංකාව - තායිලන්ත ගිවිසුමකට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site