IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


විශ්වීය සෞඛ්‍ය ආවරණ වැඩසටහනට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ඒකාබද්ධ සෞඛ්‍ය ආරක්ෂණය සහ පාලනය ශක්තිමත් කිරීම සඳහා වන විශ්ව සෞඛ්‍ය ආවරණ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ණය ගිවිසුමකට පිවිසීම පසුගියදා සිදු විය. 

එසේම එම බැංකුවේ වසංගත වැළැක්වීම, සූදානම සහ ප්‍රතිචාර භාර අරමුදල (වසංගත අරමුදල) මගින් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 6.9ක ප්‍රදානයක් ලබාදීමද මීට සමගාමීව සිදු කර තිබේ. 

මෙහිදී අදාළ ණය සහ ප්‍රදාන ගිවිසුම්වලට අත්සන් තැබීම මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පේරුම සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ ටකාෆුම් කඩෝනො අතර සිදුව තිබේ. 

ආසියානු සංවර්ධන බැංකුවේ සාමාන්‍ය පොදු ප්‍රාග්ධන සම්පත් යටතේ ලබා ගනු ලබන ඩොලර් මිලියන 100ක ඉහත ණය මුදල මගින් විශ්වීය සෞඛ්‍ය ආවරණය සහතික කිරීම යොදා ගන්නා බව පැවසෙයි. 

 



අදහස් (0)

විශ්වීය සෞඛ්‍ය ආවරණ වැඩසටහනට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site