විමුක්ති එස් රුද්‍රිගු
මෙරට විවිධ අංශ ආවරණය වන පරිදි රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව 67 ක් පමණ ගොඩ නගා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පසුගිය දා ප්‍රකාශ කළේය.
රාජ්‍ය -පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නීති රාමුව සකස් කෙරෙන රාජ්‍ය -පෞද්ගලික හවුල්කාරීත්ව නීතියක් කෙටුම්පත් කර අවසන් බවත් එයට නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව හැකි ඉක්මනින් රජය එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවත් ආචාර්යවරයා පැවැසුවේය.
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය ක්‍රියාවලිය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික ආයතනයේ සකස් කරමින් සිටින බවත් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘති සමග සෘජුවම කටයුතු කරන රේඛීය ආයතන සමග රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික ආයතනය කටයුතු කරමින් සිටින බවත් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
බලශක්ති, වරාය, නගර සංවර්ධනය සහ ප්‍රවාහන යන අංශ ඇතුළුව විවිධ අංශ ආවරණය වන පරිදි රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව 67 ක් ගොඩ නගා ගැනීම සඳහා කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවද ඔහු පැවැසුවේය. රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතිවලට සම්බන්ධ පාර්ශ්වකරුවන් සහ එම ව්‍යපෘතිවලට සෘජුවම සම්බන්ධ රේඛීය ආයතනවල බලධාරීන්ගේ ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික ආයතනය සම්බන්ධ වී සිටින බවද ආචාර්යවරයා ප්‍රකාශ කළේය.
පසුගිය මාස කීපය පුරාවට නාගරික සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය සහ ලංකා විදුලිබල මණ්ඩලයේ දැනුවත් කිරීමේ වැඩසටන් කීපයක් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික ආයතනය පැවැත්වූ බවද ජයවර්ධන මහතා පැවැසුවේය.
මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ලංකා වාණිජ මණ්ඩලය සමග එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය සහ ජනතාව සඳහා සමෘද්ධිය යන තේමාව යටතේ සංවිධානය කළ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනකදී රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.
විවිධ අංශවල ආවරණය කෙරෙන රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය 67 ක්