IMG-LOGO

2026 මැයි මස 20 වන බදාදා


වැලිබල් ෆිනෑන්ස් රු. බි. 2.1 ක හිමිකම් නිකුතුවට රු. බි. 2.5 ක ඉල්ලු‍ම්පත්

වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පසුගියදා කොළඹ කොටස් හුවමාරුවේ සිදුකළ රුපියල් බිලියන 2.1 ක් (රුපියල් 2,119,080,600ක්) වටිනා හිමිකම් නිකුතුවට රුපියල් බිලියන 2.5 ක (රුපියල් 2,507,121,144ක) ඉල්ලු‍ම්පත්‍ර ප්‍රමාණයක් ලැබී ඇතැයි පවසයි. 
සමාගමේ අදියර 1 ප්‍රාග්ධන පදනම ශක්තිමත් කරගැනීම සහ සමාගමේ පුළුල්වීම අරමුණු කරගනිමින් මෙම නිකුතුව සිදු කෙරිණි. ඒ අනුව සමාගම මගින් මෙහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 29,431,675ක් නිකුත් කළ අතර, එක් හිමිකම් කොටසක වටිනාකම රුපියල් 72 ක් විය. 
සමාගමට අනුව මෙහිදී හිමිකම් කොටස් 34,821,127ක් මිලදී ගැනීම සඳහා ඉල්ලු‍ම්පත්‍ර හිමිව ඇති අතර, එහි වටිනාකම රුපියල් බිලියන 2.5කි.



අදහස් (0)

වැලිබල් ෆිනෑන්ස් රු. බි. 2.1 ක හිමිකම් නිකුතුවට රු. බි. 2.5 ක ඉල්ලු‍ම්පත්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site