IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත සංශෝධනයට සැරසේ

නිමල කොඩිතුවක්කු

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බදු දිරිගැන්වීම් අනුකූලතාව සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම හා ආයතනික ප්‍රතිසංවිධානය සඳහා වන සංශෝධන ඇතුළත්ව 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම පිණිස 2025 ජූලි 07 සහ 2025 ඔක්තෝබර් 13 යන දිනවලදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත සංශෝධනයට සැරසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site