IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


වර්ධනයකට අවස්ථාව ඇති බව දක්වන කාර්තුවක වාර්තා

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඉකුත් කාර්තුව තුළ ඉහළටම වර්ධනය වූ ස්ථාකයක සිට දර්ශක පහතට වැටී ඇති අතර පර්‌යේෂණාත්මකව සලකා බලන පසු කරන නැවතත් වර්ධනය විය හැකි බව නිරීක්ෂණය කළ හැකිය. අද දිනයේ ගනුදෙනුවල දී සක්‍රීය භාවයක් අපේක්ෂා කෙරේග තෝරාගත් සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජන අංශ නැඹුරුවනු ඇත.
ඉකුත් සැප්තැම්බර් 23 වැනි දා සියලු කොටස් මිල දර්ශක ඒකක 21,302 ක පැවැති අතර නොවැම්බර්  12 වැනි  දා ගනුදෙනු අවසන්වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,659 තෙක් වර්ධනය වී තිබුණි. පසුව ක්‍රමයෙන් පසුබෑමකට ලක් වූ අතර අවසානයේ දී ඉකුත් දෙසැම්බර් 08 දා වන විට දර්ශක 21,594 ක විය. එහෙත් උච්චාවචන ගණනාවකට පසු ඉකුත් සිකුරාදා ගනුදෙනු අවසානයේ දී ක්‍රමයෙන් නැවතත් පිබිදීමකට උත්සාහ කරන බව දැකගත හැකි විය. සුළි කුණාටුව ඇතිකරන ලද ස්වභාවය හා එයින් ආර්ථිකයට විය හැකි හානිය සලකාබලා ඇතැම් පිරිස් කොටස් විකිණීමට උත්සාහ කළ අතර විදේශ ආයෝජකයන්ගේ හැසිරීම අනුව එය තවත් තීව්‍ර කරන ලද බව සඳහන් කළ හැකිය. කෙසේ වෙතත් ප්‍රතිසංස්කරණ සඳහා රජය අපේක්ෂා කරන 2026 වසර සඳහා වූ රුපියල් බිලියන 500 ක අතිරේක ඇස්තමේන්තුව සහ ලෝක ආධාර ඉදිරියේ ක්‍රමයෙන් ස්ථාවරත්වයක් ඇතිකරනු ඇතැයි මත පළවේ. 
මෙම ස්වභාවය ඉදිරි දින කිහිපය තුළ ද පවතින බවක් ඇතැම් පාර්ශව දක්වයි. වසර අවසානයේ දි නිවාඩු වකවානු හෙයින් කොටස් වෙළෙඳාමට මෙතෙක් උනන්දුව තරමක් සීමාසහිත විය හැකි අතර කෙසේ වෙතත් ලබන වසරේදී ආර්ථිකය හැසිරෙන ආකාරය අනුව ආයෝජන අවස්ථා තීරණය වීමට ඉඩ තිබේ. විදේශ ආයෝජන අංශ තවමත් උදාසීනය. ඉකුත් බ්‍රහස්පතින්දා මිල දී ගැනීම් ඉහළ ගියත් සතිය අවසන් ගනුදෙනු දිනයේ මිල දී ගැනීම් රුපියල් මිලියන 49.4 ක් හා විකිණීම් රුපියල් මිලියන 92.0 කි.
ඩොක්යාඞ් ආර් රුපියල් මිලියන 796 ක්, තෝකියෝ සිමෙන්ති නිෂ්ඡන්ද රුපියල් මිලියන 210 ක්, තෝකියෝ සිමෙන්ති  රුපියල් මිලියන 166 ක්, ඩොක්යාඩි රුපියල් මිලියන 159 ක්, හේමාස් හෝල්ඩිං රුපියල් මිලියන 99 ක්, සී.ටී. හෝල්ඩිං  රුපියල් මිලියන 97 ක්,  ජෝන් කීල්ස් රුපියල් මිලියන 90 ක්, ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක



අදහස් (0)

වර්ධනයකට අවස්ථාව ඇති බව දක්වන කාර්තුවක වාර්තා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site