IMG-LOGO

2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා


වරකාපොළ විවිධ සේවා සමුපකාර සමිතියෙන් අවමංගල්‍ය ශාලාවක් - උත්සව ශාලාවක්

 


වරකාපොළ රුවන් පතිරණ


වරකාපොළ විවිධ සේවා සමූපකාර සමිතිය මගින් ප්‍රදේශයේ ජනතාවට හා සමූපකාර සාමාජිකයන් වෙනුවෙන් සමුපකාර අවමංගල්‍ය ශාලාවක් හා උත්සව ශාලාවක් වරකාපොළ අඹේපුස්ස මංසන්ධියේදී පසුගියදා විවෘත කළේය.

ව්‍යාපාර අරමුණකින් තොරව සමාජ යහපත වෙනුවෙන් සහනදායී මිලකට සේවා ලබාදීමේ අරමුණින් මෙය ආරම්භ කළ බවත් මෙහි සිදු කෙරෙන අවමංගල්‍ය කටයුත්තක සියලු‍ කටයුතු සඳහා රුපියල් 39,000ක මුදලක් පමණක් අය කරන බවත් සමිතියේ සභාපති ජී. එම්. එස්. කුමාරසිංහ මහතා පැවසීය.

සමිති බල ප්‍රදේශයේ ජනතාවගේ මංගල, අවමංගල්‍ය හා වෙනත් උත්සව සඳහා අවශ්‍ය පානීය උණුසුම් දියර යන්ත්‍ර (නෙස්කැෆෙ) 41ක් සමූපකාර ප්‍රාදේශික මට්ටමින් නොමිලේ ලබාදීමට මේ වනවිට පියවර ගෙන ඇති අතර අවශ්‍ය පිටි මිශ්‍රණය සහනදායී මුදලකට සමුපකාර කෝප් සිටි මගින් ලබාගැනීමට පහසුකම් සලසා ඇත.

මීට අමතරව වරකාපොළ සමුපකාර සමිති බල ප්‍රදේශයේ ජනතාවගේ පොදු යහපත උදෙසා රුපියල් ලක්ෂ 41 මුදලක් වැයකර කැනපි හට් 41ක් සමූපකාර ප්‍රාදේශික වෙත ලබාදී ඇති අතර සාමාජිකයන්ගේ මංගල, අවමංගල හා ඕනෑම කටයුත්තක් සඳහා නොමිලේ ලබාගැනීමට අවස්ථාව සලසා ඇත.

සමූපකාර උත්සව ශාලාව තුළ තැන්පත් කළ දේහයක් ආදාහන කටයුතු සඳහා රැගෙන යාමට නොමිලේ අවමංගල්‍ය රථයක් ලබාදීමටද පියවර ගෙන ඇති බවද සභාපතිවරයා පැවසීය.



අදහස් (0)

වරකාපොළ විවිධ සේවා සමුපකාර සමිතියෙන් අවමංගල්‍ය ශාලාවක් - උත්සව ශාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site