IMG-LOGO

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා


ව්‍යවසායකයන්ගේ සහන පැකේජයට දුන් සහන කාලය දීර්ඝ කරයි

(නාලක සංජීව දහනායක)
 
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා හඳුන්වාදුන් සහන පැකේජය ලබාගැනීමට රජය දී තිබූ සහන කාලය තවත් දින 10කින් දීර්ඝ කළ බව මුදල්, ආර්ථික සහ ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය සදහන් කරයි.
 
රජය විසින් ලබාදී තිබූ එම සහන කාලය අද (31) අවසන් වීමට නියමිතව තිබිණ.
 
මෙම සහන කාලය දීර්ඝ කරන ලෙසට කොළඹ වාණිජ මණ්ඩලය ඇතුළු පාර්ශවන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් සහන කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බව සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. 
  



අදහස් (0)

ව්‍යවසායකයන්ගේ සහන පැකේජයට දුන් සහන කාලය දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site