IMG-LOGO

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා


ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කරමින් රට පුරා සම්මන්ත්‍රණ

( නාලක සංජීව දහනායක)

‘ණය තොරතුරු කාර්යාංශය මූල්‍ය පහසුකම් ලබා ගැනීමට බාධකයක්ද ?‘  මැයෙන් ව්‍යාපාරික ප‍්‍රජාව දැනුවත් කරමින් දිවයිනපුරා සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට මුදල්, ආර්ථික හා ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇත.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කෙරෙන මෙම සම්මන්ත‍්‍රණ මාලාවේදී ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ කාර්ය භාරය සහ ණය පහසුකම් ලබා ගැනීමේදී එම කාර්යංශයේ වාර්තාවේ දත්තවල ඇති වැදගත්කම පිළිබදව මෙහිදී ව්‍යාපාරික ප‍්‍රජාව දැනුවත් කිරීමට නියමිතය.

එම සම්මන්ත‍්‍රණ මාලාවේ පළමුවැන්න සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අනිද්දා (31) පෙරවරු 9.30 ට අනුරාධපුර මහ බැංකු ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙම සම්මන්ත‍්‍රණ මාලවේ දෙවැනි සම්මන්ත‍්‍රණය මාතරදී පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කරමින් රට පුරා සම්මන්ත්‍රණ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site