|
LOLC ෆිනෑන්ස් ෆැක්ටරින් ප්‍රධානී |
ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන LOLC ෆිනෑන්ස් දිවයින පුරා ව්‍යාපාර වලට වෙසෙසින්ම අවශ්‍ය මූල්‍ය විසඳුම් ලබාදීමේදී, එහි ෆැක්ටරින් (ණය සාධන) අංශය ඉටුකරන කැපී පෙනෙන කාර්යභාරය ගැන දැනුවත් කිරීමේ සටහනක් තබයි. 200 කට අධික ශක්තිමත් ශාඛා ජාලයකින් සමන්විත LOLC ෆිනෑන්ස් ෆැක්ටරින් කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගේ සිට ආයතනික දැවැන්තයන් දක්වා ව්‍යවසායයන්ට සුවිශේෂී සහායක් ලබා දෙයි.
මෑතකාලීනව ඇතිවූ ආර්ථික අභියෝගවලදී LOLC ෆිනෑන්ස් ෆැක්ටරින්, බොහෝ ව්‍යාපාරවලට ජීවනාලියක් වෙමින් ව්‍යාකූල වාතාවරණයක් හමුවේ වුවද, ඔවුන්ගේ ව්‍යාපාරවල ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලමින්, අඛණ්ඩ ද්‍රවශීලතාවක් සහතික කළේය. මාර්ගගත වේදිකා ඔස්සේ බාධාවකින් තොර ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් සහ ගෙවීම් වේගවත් කිරීමෙන්, සුපිරි වෙළෙඳසල්, ඖෂධ අලෙවි සල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා තිරසරව පවත්වාගෙන යාම සඳහා එමඟින් ඉටුකරන ලද කාර්යභාරය අතිමහත්ය.
LOLC ෆිනෑන්ස් ෆැක්ටරින් ප්‍රධානී දීපමාලි අභයවර්ධන මහත්මිය, වර්තමානයේ ආර්ථිකය තුළ ෆැක්ටරින් (ණය සාධන) අවශ්‍යතාව සහ අදාළත්වය වැඩිවන ආකාරය අවධාරණය කරනු ලැබීය. ‘‘ආර්ථික වාතාවරණයක් වඩාත් පුළුල් වන විට, විවිධ අංශවල ව්‍යාපාර මගින් වැඩිම ඉල්ලුමක් ඇති මූල්‍ය සේවාව ලෙස ෆැක්ටරින් ඉස්මතු වේ. එමඟින් සැපයුම්කරුවන්ට ණයට විකුණුම් සඳහා සියයට 85 ක් දක්වා අත්පිටමුදල් ලබාදීමෙන් සහ ගැනුම්කරුවන්ට සරිලන පියවීමේ කාලයක් ලබා දීමෙන් සියල්ලන්ට ජයග්‍රාහී විසඳුමක් පිරිනමයි.’’
LOLC ෆිනෑන්ස් ෆැක්ටරින් හි කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ කරදරයකින් තොර එහි අයදුම් කිරීමේ ක්‍රියාවලියයි. සාම්ප්‍රදායික බැංකු ණය සඳහා ඇපකරයක් අවශ්‍ය වුවද, LOLC ෆිනෑන්ස් ෆැක්ටරින් එවැනි බැඳීම් නොමැතිව ණය පහසුකම් ලබාදීම විශේෂත්වයකි. එමෙන්ම LOLC ෆැක්ටරින් ලැබීම් කළමනාකරණය සහ ණය එකතු කිරීමේ බරින් ව්‍යාපාරික ආයතන නිදහස් කරයි. නාමික සේවා ගාස්තුවක් මඟින් ව්‍යාපාරවලට LOLC ෆිනෑන්ස් ෆැක්ටරින් හරහා මෙම කාර්යයන් සිදුකරගත හැකි අතර, එමගින් ව්‍යාපාර ආයතනවලට ඔවුන්ගේ මූලික ව්‍යාපාර මෙහෙයුම් පිළිබඳ පූර්ණ අවධානය යොමුකරමින් කාර්යක්ෂම මුදල් ප්‍රවාහ කළමනාකරණයක් සහතික කිරීමට ඔවුන්ට හැකිවේ.
ෂරියා අනුගත ෆැක්ටරින් විසඳුම් සොයන ව්‍යාපාර සඳහා, LOLC අල්-ෆලාහ් හි ‘වකාලා ෆියුචර්-කෑෂ් ටුඩේ’ මගින් මූල්‍ය අවශ්‍යතා සහ සදාචාරාත්මක මූලධර්ම යන අංශ දෙකම සපුරාලන කාර්යක්ෂම හා සහභාගීත්ව මූල්‍යකරණ විසඳුමක් ඉදිරිපත් කරයි. ව්‍යාපාර අද මුහුණදෙන විවිධාකාරවූ අභියෝග වටහාගනිමින්, LOLC ෆිනෑන්ස් ෆැක්ටරින් මූල්‍ය ප්‍රවාහය ඉහළ නංවන, ණය අවදානම අඩු කරන සහ තිරසාර වර්ධනයට සහාය වන විශේෂයෙන් සකසන ලද විසඳුම් ලබා දෙයි. LOLC අල්-ෆලාහ් සමඟ එක්ව කටයුතු කිරීමේදී, ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන LOLC ෆිනෑන්ස් හි විශ්වසනීයත්වය සහ විශ්වාසය මඟින් සවිබල ගැන්වූ විනිවිදභාවයෙන් යුත්, ක්‍රමවත් ලෙස සැකසූ, හොඳින් ව්‍යුවහගත කළ ලැබීම්/ණයට විකුණුම් කළමනාකරණය සඳහා ප්‍රවේශය සහතික වෙයි.
LOLC ෆිනෑන්ස් ෆැක්ටරින් හි සේවාදායකයන් නිෂ්පාදන, වෙළෙඳ, ප්‍රවාහන, සෞඛ්‍ය සේවා, රෙදිපිළි, වැවිලි සහ අනෙකුත් සේවා ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍ර රැසකට අයත්වන අතර, ඔවුන් සියලුදෙනා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙයි. පහසුවෙන් ප්‍රවේශ විය හැකි, කාර්යක්ෂම මෙහෙයුම් ප්‍රාග්ධන විසඳුම් සමඟ ව්‍යාපාර සවිබල ගැන්වීමෙන්, LOLC ෆිනෑන්ස් හි ෆැක්ටරින් අංශය, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ සමෘද්ධිය පෝෂණය කිරීමේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
මීළඟ කාර්තුවේදී, අප රටේ ව්‍යාපාරවල වෙනස් වන අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද මූල්‍ය විසඳුම් ඉදිරිපත් කිරීමට LOLC ෆිනෑන්ස් ෆැක්ටරින් කැපවීමෙන් කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථික පසුතලය අඛණ්ඩව සංවර්ධනය කරා ගමන් කරද්දී, LOLC ෆිනෑන්ස් ෆැක්ටරින් ව්‍යවසායකයන්ට ඔවුන්ගේ වර්ධනය සහ සාර්ථකත්වය කරා යන ගමනට සහාය වීමට සූදානම්ව සිටී.
ව්‍යාපාර දියුණුවට අත්වැලක් සපයන LOLC ෆිනෑන්ස් ෆැක්ටරින්