IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


වියට්නාම්- ශ්‍රී ලංකා සබඳතා පුළුල් කර ගැනීමට කැපවෙනවා

විමුක්ති එස් රුද්‍රිගු


වියට්නාමය සමග සබඳතා පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් මෑතකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ සිදු කළ සංචාරය දෙරට අතර හවුල්කාරිත්වයේ නව පරිච්ඡේදයකට මාර්ගය විවෘත කළ බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
දෙරට අතර ආරම්භ වූ වෙළෙඳාම, ආයෝජන, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳ සංවාද දෙපාර්ශ්වයටම වාසි අත්කර දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවැසුවේය. වියට්නාමය සමග වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සබඳතා පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
වියට්නාමයේ සිදුකර ඇති ශ්‍රී ලාංකික ආයෝජනවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 43 ඉක්මවන බවද හේරත් මහතා පැවැසුවේය. රජයන් අතර ආයෝජන සහ පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වය ඇතුළුව විශේෂයෙන් ඇඟලු‍ම් අංශයේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමට දෙපාර්ශ්වය උනන්දු විය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (0)

වියට්නාම්- ශ්‍රී ලංකා සබඳතා පුළුල් කර ගැනීමට කැපවෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site