IMG-LOGO

2026 මාර්තු මස 27 වන සිකුරාදා


විපතට පත් ජනතාවට එල්.ඕ.එල්.සී. සමාගමේ බස්නාහිර 03 කලාපයේ කාර්ය මණ්ඩලයෙන් රුපි‍යල් ලක්ෂ 25 ක වියළි ආහාර

 


කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි 


පැවැති අයහපත් කාලගුණික තත්වය හමුවේ ගංවතුර හා නාය යෑම්වලින් විපතට පත් ජනතාව වෙනුවෙන් එල්.ඕ.එල්.සී. සමාගමේ  බස්නාහිර 03 කලාපයේ කාර්යමණ්ඩලය රුපි‍යල් ලක්ෂ 25 ක් පමණ වටිනා වියළි ආහාර තොගයක් ඉකුත්දා  (03) කළුතර කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරට භාර දුන්නේය.

ඒ ගුවන් මගින් නුවරඑළිය ප්‍රදේශයට පිටත් කර හැරීමටය.

එම පරිත්‍යාග රැගත් රථ පෙළ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරට ළඟාවූ ආකාරයත්, එල්.ඕ.එල්.සී. සමාගමේ බස්නාහිර පළාත් ප්‍රධානී අසේල සිල්වා මහතා විසින් සංකේතාත්මකව ඒවා කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී මංජුල අබේවර්ධන මහතාට භාර දුන් ආකාරයත් ඡායාරූපවලින් දැක්වේ.



අදහස් (0)

විපතට පත් ජනතාවට එල්.ඕ.එල්.සී. සමාගමේ බස්නාහිර 03 කලාපයේ කාර්ය මණ්ඩලයෙන් රුපි‍යල් ලක්ෂ 25 ක වියළි ආහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site