IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


වොන්ලාන් ලංකා ජනාධිපති පරිසර රන් සම්මාන දිනයි


මධ්‍යම පරිසර අධිකාරිය සංවිධානය කළ ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී CIB කාණ්ඩයේ රන් සම්මානය යටියන්තොට වොන්ලාන් ලංකා පෞද්ගලික සමාගමට හිමි විය. ඒ පොදු අපද්‍රව්‍ය කළමනාකරණය, ප්‍රතිචක්‍රියකරණය මගින් නිෂ්පාදන කිහිපයක් බිහි කිරීම වෙනුවෙනි. අදාළ සම්මාන ජනාධිපතිවරයා විසින් පිරිනමන ලදී. නව නිපැයුම්වලින් පොහොසත් ශ්‍රී ලංකාවක් යන දැක්ම ඔස්සේ කටයුතු කරන වොන්ලාන් ලංකා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ආනන්ද විතානගේ මහතා නව නිපැයුම් රැසක් සිදු කර පේටන්ට් බලපත්‍ර කිහිපයක් හිමි කර ගෙන ඇති සුවිශේෂ නිර්මාණකරුවෙකි. 

සම්මාන රැසක් දිනා ඇති වොන්ලාන් ලංකා සමාගම ග්‍රීස් නිෂ්පාදනයේ ප්‍රමුඛයා ලෙස ISO තත්ව කළමනාකරණ පද්ධති සහතිකයෙන්ද පිදුම් ලබා  MOULDLUBE  ග්‍රීස් නමින් GOLD  ග්‍රීස් හා  BLUE  ග්‍රීස් රට පුරා බෙදා හරිමින් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇත. 

2024 කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී විශිෂ්ටම ජාතික සන්නාමයට හිමි රන් සම්මානය MOULDLUBE  ග්‍රීස් සන්නාමයට හිමි වීම සමාගමේ ගෞරවයට හා අභිමානයට හේතු විය.



අදහස් (0)

වොන්ලාන් ලංකා ජනාධිපති පරිසර රන් සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site