IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


වෙන්දේසියේ පොල් අලෙවිය අඛණ්ඩව ඉහළ ගිහින්

පසුගිය සතියේදී මෙරට සාමාන්‍ය පොල් මිල සියයට 1.8 කින් පහළ වැටිලා
පොල් ගෙඩි 1000 කට ලැබුණු අඩුම සහ වැඩිම මිල තොරතුරු පොල් සංවර්ධන අධිකාරිය අනාවරණය කර නෑ


විමුක්ති එස්. රුද්‍රිගු


පසුගිය සතියේදී මෙරට සාමාන්‍ය පොල් මිල සියයට 1.8 කින් පහළ වැටී ඇති නමුත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ සහ අලෙවි වූ පොල් ගෙඩි ප්‍රමාණය අඛණ්ඩව ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.
එහිදී පොල් ගෙඩි 1,000 ක් සඳහා රුපියල් 136,059.65 ක සාමාන්‍ය මිලක් නියම වී ඇත. කෙසේ නමුත් පොල් ගෙඩි 1000 ක් සඳහා ලැබුණු අඩුම සහ වැඩිම මිල සම්බන්ධයෙන් තොරතුරු පොල් සංවර්ධන අධිකාරිය අනාවරණය කර නොමැත. වෙන්දේසියට පොල් ගෙඩි 717,319 ක් ඉදිරිපත් වී ඇති අතර ඉන් පොල් ගෙඩි 617,850 ක් අලෙවි වී ඇත.
කෙසේ නමුත් තොග වෙළෙඳපොළේ ලොකු පොල් ගෙඩියක් 170-180 අතර මිලකට අලෙවි වූ අතර පොඩි පොල් ගෙඩියක් රුපියල් 145-160 ත් අතර මිලකට අලෙවි විය.

 



අදහස් (0)

වෙන්දේසියේ පොල් අලෙවිය අඛණ්ඩව ඉහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site