IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


වින්ඩ්ෆෝර්ස් රිවිදනවි සූර්ය බල ව්‍යාපෘතියට සියඹලාණ්ඩුවේ ඉඩමක් බද්දට ගනී

24 වසරක බදු ගිවිසුම සඳහා වන ගෙවීම රුපියල් මිලියන 50ක්


භානුක අමරසිංහ 


වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම ක්‍රියාත්මක කරන මෙගාවොට් 100ක ධාරිතාවකින් යුත් රිවිදනවි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය වන ඉඩමක් සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියත් සමගින් වසර 24ක කල්බදු එකඟතාවකට පැමිණි බව පවසයි.
ඊට අදාළ එකඟතාව පසුගිය ඔක්තෝබර් 10 වැනිදා දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම සිදු කර තිබේ. මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ කොටියාගල පිහිටි ඉඩමක් මෙලෙස කල්බදු පදනම යටතේ මිලදී ගැනීමට සමාගම පියවර ගෙන තිබේ. මෙම මිලදී ගැනීම සඳහා වන සම්පූර්ණ කුලී මුදල රුපියල් මිලියන 50ක් වන බවත් සමාගම පවසයි. 



අදහස් (0)

වින්ඩ්ෆෝර්ස් රිවිදනවි සූර්ය බල ව්‍යාපෘතියට සියඹලාණ්ඩුවේ ඉඩමක් බද්දට ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site