IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


වින්ඩ්ෆෝර්ස් 10MW සුළං විදුලි ව්‍යාපෘති සමාගමක සියයට 51 ක් අත්පත් කරගනී

 


භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩිෆෝර්ස් පීඑල්සී සමාගම සේෆ් පවර් ඉන්ටර්නැෂනල් (පෞද්) සමාගමේ සියයට 51ක හිමිකාරිත්වයක් අත්පත් කරගත් බව පවසයි. පසුගිය ඔක්තෝබර් 03 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ.

 එම සමාගමේ ඉතිරි සියයට 49 Arinma Power (Pvt) Ltd සමාගම සතුව පවතී. එයArinma Holdings  සමූහයට අයත් සමාගමකි. එම සමාගම යටතේ මේ වනවිට තවත් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක වෙයි.

මෙම සේෆ් පවර් ඉන්ටර්නැෂනල් (පෞද්) සමාගම පුත්තලම දිස්ත්‍රික්කයේ අලන්කුඩාහි මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් වෙනුවෙන් ස්ථාපිත කරවූවකි. එම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 4.2 ක් වෙයි. ඒ අනුව මෙම අත්පත් කරගැනීමත් සමගින්ම අදාළ ව්‍යාපෘතිය වෙත 75:25 ක ණය සහ කොටස් අනුපාතය යටතේ අරමුදල් සැපයෙනු ඇති බවත් වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

මෙම Arinma Holdings  සමූහය යටතේ මේ වනවිට ත්‍රිකුණාමලය, හම්බන්තොට තවත් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙයි.



අදහස් (0)

වින්ඩ්ෆෝර්ස් 10MW සුළං විදුලි ව්‍යාපෘති සමාගමක සියයට 51 ක් අත්පත් කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site