IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


වාන්ඇළ කෝප් සිටි වෙළෙඳසල යළි විවෘත කෙරේ

ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව


දසක කීපයක් අක්‍රීයව තිබූ සී/ස කන්තලේ විවිධ සේවා සමූපාකාර සමිතියට අයත් වාන්ඇළ කෝප් සිටි වෙළෙඳසැල ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සමූපාකාර ව්‍යාපාරය පුළුල් කිරීමේ සැලැස්ම යටතේ යළි විවෘත කිරීම නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම විවෘත කිරීමට සමගාමීව ගනුදෙනුකරුවන්ගේ පහසුකම් පුළුල් කරමින් සමූපාකාර ග්‍රාමීය බැංකු ශාඛාවක්ද එම ස්ථානයේම විවෘත කිරීමට කටයුතු කෙරිණි. වාන්ඇළ පාරිභෝගික ජනතාවට ඉතාමත් සාධාරණ මිලකට භාණ්ඩ ලබාගැනීම සඳහා මෙතෙක් කන්තලේ නගරයට යෑමට සිදුවූ අතර ග්‍රාමීය බැංකු සේවා සඳහා ද ගනුදෙනුකරුවන් මෙම ගැටලුවට මුහුණපා තිබුණි. මෙම විවෘත කිරීමේ අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා ද එක් විය.

 



අදහස් (0)

වාන්ඇළ කෝප් සිටි වෙළෙඳසල යළි විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site