IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


විදෙස්ගත ලාංකිකයන්ගෙන් පළමු මාස 5 දී ඩො.බි. 3.1ක්

  • පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව සියයට 18.2 ක වර්ධනයක්

 විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ පළමු මාස පහේදී විදේශගතව රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 ක මුදලක් එවා ඇති අතර, එය පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව සියයට 18.2 ක කැපී පෙනෙන සැලකිය යුතු වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.

පසුගිය වසරේ පළමු මාස 5 දී විදේශගතව රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 ක මුදලක් ඒවා තිබිණි. එසේම මැයි මාසයේදී විදේශගතව රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරට ඇමෙරිකානු ඩොලර් මිලියන 641.7 ක මුදලක් මෙරටට ඒවා තිබූ අතර, එය පසුගිය මැයි මාසයට සාපේක්ෂව සියයට 17.8 ක වර්ධනයක් විය.

පසුගිය වසරේදී සමස්තයක් ලෙස විදේශගතව රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.57 ක මුදලක් මෙරටට ඒවා තිබූ අතර, 2023 වසරට සාපේක්ෂව එය සියයට 10.1 ක වර්ධනයකි. පසුගිය වසරේ මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 2020 වසරින් පසුව ලැබුණු ඉහළම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයද විය.

වත්මන් ප්‍රවණතාව අනුව පසුගිය වසරේ මෙරට විදේශ ප්‍රේෂණ ප්‍රමාණය පසුකර යාමට මෙම වසරේදී වැඩි ඉඩකඩක් තිබෙන බවද මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි.



අදහස් (0)

විදෙස්ගත ලාංකිකයන්ගෙන් පළමු මාස 5 දී ඩො.බි. 3.1ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site